Menu

“සාර්ථකත්වය කරා යන්න විදුලි සෝපාන නැහැ. ඒ කරා පඩි නැගගෙන යා යුතුමයි” – පුහුණුවීම් අතරවාරයේදී තිරිමාන්නගෙන් ට්විටර් පණිවුඩයක්

April 9, 2017

අන්තර් දිස්ත්‍රික් තරගාවලියේදී තරග 6 කට ක්‍රීඩා කරමින් ලකුණු 248 ක් ලබාගත් ළහිරු තිරිමාන්න සුපිරි පළාත් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය කෙරෙහි මහත් බලාපොරොත්තු රඳවාගෙන සිටී.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් හිඟවීම නිසා මෙම තරගාවලියේදී දක්වන දස්කම් මත ජාතික කණ්ඩායමට නැවතත් ඇතුළත් වීම තිරිමාන්නගේ බලාපොරොත්තුවයි.

“සාර්ථකත්වය කරා යන්න විදුලි සෝපාන නැහැ. ඒ කරා පඩි නැගගෙන යා යුතුමයි” යයි තරගාවලියට පෙර පුහුණුවීම් කරා යන අතරවාරයේදී ළහිරු තිරිමාන්න ට්විටර් පණිවුඩයක් තබා තිබිණ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම තෝරාගැනීමත් මෙම තරගාවලියේ අනියම් අරමුණකි. ශූරයන්ගේ කුසලාන තරගාවලිය මේ මස අවසන් වීමට පෙර තෝරාගත යුතු බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් දැනුම් දෙනු ලැබ ඇත.

මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් හතරක් තරග වදින අතර කොළඹ, නුවර, ගාල්ල සහ දඹුල්ල ලෙස කණ්ඩායම් නම් කර තිබේ.පළමු වටයේදී සී.සී.සී, එන්.සී.සී සහ කෝල්ට්ස් ක්‍රීඩාංගණවලදී පැවැත්වෙන තරග දිවා තරග ලෙසත් රංගිරි දඹුල්ල සහ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ වලදි පැවැත්වෙන තරග දිවා රාත්‍රි තරග ලෙසත් පැවැත්වීට කටයුතු යොදා ඇත.එක් කණ්ඩායමකට තරග හය බැගින් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවන අතර ඉහළම ප්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායම් දෙක අවසන් තරගයට සුදුසුකම් ලබාගනු ඇත.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක