Menu

අසේලට – මාලිංගට අද තරගය සුවිශේෂී තරගයක් වෙයි

April 9, 2017

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ලසිත් මාලිංග ක්‍රිඩා කිරීමට නියමිත පළමු තරගය අද (09) කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

බංග්ලාදේශ කණ්ඩායම හා පැවැති විස්සයි 20 තරගාවලිය හේතුවෙන් අයි.පී.එල්. තරගාවලියේ ආරම්භක තරගය මාලිංගට අහිමි වුණා.

මාලිංගට සිදුවූ ආබාධය හේතුවෙන් ගිය වසරේ පැවැති අයි පී එල් තරගාවලිය අහිමි වූ මාලිංග නැවත මුම්බායි පිලට එක්වන්නේ වසරකට පසුව වීම විශේෂත්වයක්

අයි.පී.එල්. තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාද වෙන මාලිංගට අද පැවැත්වෙන තරගයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ස්ථානයක් හිමිවෙනු ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කරන්නේ.

මේ අතර සිය පළමු අයිපීඑල් තරගවාලියට සහභාගී වන අසේල ගුණරත්නද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතත් ඔහුට අද තරගයේදී ස්ථානයක් දිනා ගැනීමට පවතින්නේ අවම ඉඩක් බවද වාර්තා වෙනවා. ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ මැද පෙළ ශක්තිමත් වීම හේතුවෙන්.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක