Menu

අගමැති රනිල් කසය අතට ගනියි.. එජාප මැතිඇමතිවරු කොළඹින් ගමට යවයි

May 20, 2017

( Breaking News.lk ෆේස්බුක් පිටුව අත්හිටුවා ඇති අතර සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට  අපගේ නව ෆේස්බුක් පිටුව සමග එකතු වෙන්න)

විෂයභාර අමාත්‍යාංශවලට වී නොසිට සතියකට දින තුනක්වත් ගමට ගොස් සිය ආසනයේ වැඩ කටයුතු සොයා බලන ලෙස එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මැති ඇමතිවරුන්ට දන්වා ඇති බවට වාර්තා වෙයි.

එලෙස ගමට නොයන මැති ඇමතිවරු සිටින්නේ නම් එම ආසනවල සංවිධාන කටයුතු ආදිය සොයා බැලීමට වෙනත් ක‍්‍රියාකාරිකයන් පත්කිරීමටද තමන්ට සිදුවන බවද හෙතෙම දන්වා තිබේ.

මින් ඉදිරියට පක්ෂයේ  ආසන සංවිධායක තනතුරු ලබා දෙන විට ඔවුන්ගේ ක‍්‍රීයාකාරීත්වය සොයා බලන බවත් වැඩ නොකර තමාගෙන් සංවිධායක ධූර නොඉල්ලන්නැයිද දන්වා ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වෙයි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක