Menu

හවුල් දීගය දික්වෙයි ..ශ‍්‍රීලනිපය යළි දෙකඩ වෙයි

May 20, 2017

( Breaking News.lk ෆේස්බුක් පිටුව අත්හිටුවා ඇති අතර සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට  අපගේ නව ෆේස්බුක් පිටුව සමග එකතු වෙන්න)

සම්මුති ආණ්ඩුව පිහිටුවීම සදහා එජාපය හා එළැඹි ගිවිසුම තවදුරටත් දිර්ෂ කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජානාවක් හේතුවෙන් ශ‍්‍රීලනිපයේ යළිත් අභ්‍යන්තර අර්බුදයක් හටගෙන තිබේ.

පක්ෂ දෙක එක්ව සම්මුතික ආණ්ඩුව පිහිටවනු ලැබුවේ වසර දෙකක කාලයක් සදහා වන අතර එම කාලසීමටව ලබන අගෝස්තු මාසයෙන් අවසන් වෙයි.

ජනපතිවරයා රට හමුවේ තැබූ පොරොන්දු රැසක් ඉටු කළ යුතුව ඇති බැවින් තවදුරටත් ගිවිසුම දීර්ඝ කර ජනතා අපේක්ෂා ඉටුකිරීමට සහය දිය යුතු බව ඇමතිවරුන් පිරිසකගේ මතය වී ඇත.

එහෙත් එජාපයේත් ශ‍්‍රීලනිපයේත් ප‍්‍රතිපත්ති කිසිසේත් නොගැලපෙන බැවින් අත්සන් කළ අවබෝධතා කාලයෙන් පසුව ශ‍්‍රීලනිපය ඉවත් විය යුතු බව තවත් පිරිසකගේ මතය වී ඇතැයි ජේ්‍යෂ්ඨ ඇමතිවරයකු පැවසීය.

එජාපයේ සමහර ඇමතිවරුන්ගේ ක‍්‍රියාකලාපය මහ මැතිවරණයකදී ශ‍්‍රීලනිපයට අවාසි සහගත තත්වයක් ඇති විය හැකි නිසා තවදුරටත් ආණ්ඩුවේ සිටීම නුසුදුසු බව පක්ෂයේ ඉහළ පිරිසටද පෙන්වා දුන් බව ද හෙතම පැවසීය

වැඩිපුරම කියැවූ පුවත්