Menu

මාලිංගගෙන් සුපිරි උඩපන්දු රැකීමක්.. මුම්බායී කණ්ඩායමට විශිෂ්ට ජයක්(VIDEO)

May 20, 2017

( Breaking News.lk ෆේස්බුක් පිටුව අත්හිටුවා ඇති අතර සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට  අපගේ නව ෆේස්බුක් පිටුව සමග එකතු වෙන්න)

දහවැනි වරටත් පැවැත්වෙන අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ දෙවැනි තරගය ලෙස  කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව බැංගලෝර්හිදී ඊයේ  (19 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කරගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 108 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයෝ ඕවර 14.3 ක් අවසානයේ එම ඉලක්කය් පසුකර ගියහ. පන්දු 30 කදී හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 45 ක් රැස්කළ හර්දීක් පාණ්ඩ්‍යා මුම්බායි කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

නායක රෝහිත් ශර්මා (26) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද කුනාල් පාණ්ඩ්‍යා සමත් වූ අතර පන්දු 24 කදී වාර්තා වූ රෝහිත් ශර්මාගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහරක් ඇතුළත් විය.

කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඕවර 18.5 අවසානයේ ලකුණු 107 කට සීමා කිරීමට මුම්බායි ඉන්දියන්ස් පන්දුයවන්නෝ සමත් වූහ.

විශිෂ්ට පන්දුයැවීමක නිතර වූ පා දඟ පන්දුයවන ක්‍රීඩක කරන් ශර්මා ලකුණු 16 කට කඩුලු 4 ක් දවාගනිමින් කොල්කටා ඉනිම සුනුවිසුණු කර දැමුවේය. ලකුණු 7 කට කඩුලු 3 ක් දවාගත් ජස්ප්‍රීත් බුම්රා සහ ලකුණු 28 කට කඩුලු 2 ක් දවාගත් මිචෙල් ජොන්සන් කොල්කටා කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ශර්මාට අනගි සහායක් දුන්හ. එහිදී ප්‍රතිවාදීන්ට ලකුණු 24 ක් ලබාදුන් ලසිත් මාලිංගට දවාගත හැකිවූයේ එක් කඩුල්ලක් පමණි.

කොල්කටා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ සූර්යකුමාර් යාදව් පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 33 ක් රැස්කළ අතර ඉෂංක් ජග්ගි පන්දු 31 කදී ලකුණු 28 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි.

තරගයේ ලකුණු පුවරුව පහතින්

ජස්ප‍්‍රීත් බුම්රාගේ පන්දුවකට මාලිංග ලබාගත් සුපිරි උඩපන්දුව..

VIDEO: Jasprit Bumrah sends 3 back in the hut…Bumrah was at his economical best picking up three KKR wickets. Line, length and to the point – Mumbai Indians #IPL

Posted by IPL – Indian Premier League on Friday, May 19, 2017

වැඩිපුරම කියැවූ පුවත්