Menu

දුවද්දී දැවීයාමෙන් බෙරුණු සංගක්කාර විශිෂ්ට ශතකයකින් පිටිය සරසයි(VIDEO)

May 20, 2017

( Breaking News.lk ෆේස්බුක් පිටුව අත්හිටුවා ඇති අතර සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට  අපගේ නව ෆේස්බුක් පිටුව සමග එකතු වෙන්න)

සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරයේ නොදැවුණු විශිෂ්ට ඉනිමෙන් Specsavers County Championship තරගාවලියේ Middlesex කණ්ඩායම සමගින් පැවැත්වෙන සිව්දින තරගයේ පළමු දිනයේදී  ප‍්‍රබල ස්ථානයක පසුවීමට සරේ කණ්ඩායම සමත් වුණා..

අයහපත් කාලගුණය නිසා පළමු දිනයට තරගය නතර කරන විට Surrey කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 265ක් ලබා ගෙන සිටියා.

කුමාර් සංගක්කාර දුවද්දී දැවී යාමකට පහසුවෙන් හසුකරගැනීමට තිබු අවස්ථාවක් Middlesex කණ්ඩායමට අහිමි වී ගිය අතර ලැබුණු වාසනාවෙන් උපරිම ප‍්‍රයෝජන ගත් සංගක්කාර දිනය නිමා වන විට හයේ පහර 2ක් හා හතරේ පහර 12ක් සමගින් නොදැවී ලකුණු 113ක් ලබා ගෙන සිටියා.

පන්දු යැවීමේදී Middlesex කණ්ඩායම වෙනුවෙන් ස්ටීවන් ෆින් හා ජේම්ස් ෆ්රැන්ක්ලින් කඩුලු 02බැගින් දවා ගැනීමට සමත් වුනා.

තරගයේ ලකුණු පුවරුව පහතින්

Third 100 in his last three matches in the Specsavers County Championship for 👑 Kumar Sangakkara.Always nice to score runs at Lord's Cricket Ground too.

Posted by Surrey Cricket on Friday, May 19, 2017

Speedy Sangakkara

Yes, yes… NO! NO! Good job Kumar Sangakkara is still speedy 😰More great action this way 📺 the-ecb.co.uk/CC-19-May

Posted by Specsavers County Championship on Friday, May 19, 2017

වැඩිපුරම කියැවූ පුවත්