Menu

චැම්පියන්ස් කුසලානයට යන ඉන්දීය කණ්ඩායමේ සුවිශේෂී වෙනසක්

May 19, 2017

( Breaking News.lk ෆේස්බුක් පිටුව අත්හිටුවා ඇති අතර සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට  අපගේ නව ෆේස්බුක් පිටුව සමග එකතු වෙන්න)

එංගලන්තයේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන එක්දින තරඟාවලියට සහභාගී වන ඉන්දීය සංචිතය නම් කිරීමේදී සෙසු කණ්ඩායම් නොලැබූ විශේෂ වරප්‍රසාදයක් ලැබූ ඉන්දියාව තම සංචිතය නම් කලේ සංචිතය නම් කිරීමට ලබා දී තිබු අවසන් දිනය ඉක්මවා යාමෙන් පසුවය.

මෙලෙස නම් කල ඉන්දීය සංචිතය නැවතත් වෙනස් කමකට ලක්වී ඇතයි වාර්ථා වේ.ඉන්දීය සංචිතයට නම් කර සිටි මනීෂ් පාන්ඩේ IPL පුහුණුවීම් අතරතුර ආභාදයට ලක්වීම නිසා සංචිතය සඳහා දිනේෂ් කාර්තික් නම් කර තිබේ.කාර්තික් පසුගිය වතාවේ ඉන්දියාව ICC ශුරතාවය ලබාගනිද්දී ඉන්දීය කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටි අතර ඔහු ඉන්දියාව වෙනුවෙන් එක්දින තරඟ 71 කට ක්‍රීඩා කර ඇත.

කාර්තික් කණ්ඩායමට නම් කිරීම සමඟ මහේන්ද්‍ර සිං දෝණි මත පැටවී තිබු කඩුලු රැකීමේ වගකීමද මදක් ලිහිල්වේ.

වැඩිපුරම කියැවූ පුවත්