Menu

කිලිනොච්චියේදී කොටි සමරා වැඩ අරඹයි ..පොලිස් රියකට වෙඩි පිට වෙඩි තබයි(PHOTO)

May 19, 2017

(Breaking News.lk ෆේස්බුක් පිටුව අත්හිටුවා ඇති අතර සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට අපගේ නව ෆේස්බුක් පිටුව සමග එකතු වෙන්න)

කිලිනොච්චි පලෙයි පොලිසිය බල ප්‍රදේශයේ බ්‍රහස්පතින්දා (18) මධ්‍යම රාත්‍රීයේ පොලිසිය ජංගම රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.එම අවස්ථාවේ දී පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල් වරුන් දෙදෙනෙකු රාජකාරි කරමින් සිට ඇත. එම ස්ථානයයේ අද (19) අලුයම කළ සෝදිසි මෙහෙයුමකදී ටී56 ගිනි අවියක කොටස් හමුවී තිබේ.

පොලිස් විශේෂකාර්ය බළකායේ සහ පොලිසිය මේ වන විට සෝදිසි මෙහෙයුම් අරඹා ඇති අතර මෙය කිසිවෙකුගේ කඩාකප්පල් ක්‍රියා බවට සරක කරයි.

වෙඩි ප‍්‍රහාර හේතුවෙන් රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට හෝ පොලිස් ජංගම රථයට කිසිදු හානියක් සිදු නොවී ඇති බවත් එම ස්ථානයට ආසන්නයේ තිබූ දුම්රිය ආලෝක සංඥා කිහිපයකට වෙඩි ප‍්‍රහාර එල්ලවී තිබූ බව පොලිසිය පවසති.

බ්‍රහස්පතින්දා (18) ත‍්‍රස්තවාදය අවසන් කළ හා එල්ටි.ටි.ඊ නායකයා මියගිය දිනය හේතුවෙන් කිසියම් පුද්ගලයකු කඩාකප්පල් කාරි ක‍්‍රියාවක් සිදුකිරීම සඳහා මෙලෙස වෙඩි ප‍්‍රහාර එල්ලකරන්නට ඇතැයි පොලිසිය සැක පළ කරති.

අදාල ස්ථානය අවට මේ වන විට කිලිනොච්චිය නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.එම්ආර්. මහේෂ් වැලිකන්න මහතාගේ උපදෙස් මත යුදහමුදාව,පොලිස් විශේෂ කාර්ය බළකාය හා පොලිස් නිලධාරීන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කොට තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවටගෙන නොමැති අතර කිලිනොච්චිය පොලිසිය හා පලෙයි පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශණ සිදුකරති.

වැඩිපුරම කියැවූ පුවත්