Menu

විශ්ව විද්‍යාල සිසුන්ට පහරදීමට එරෙහිව වෛද්‍යවරු වැඩවර්ජනයක් අරඹයි

May 19, 2017

Breaking News.lk ෆේස්බුක් පිටුව අත්හිටුවා ඇති අතර සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට අපගේ නව ෆේස්බුක් පිටුව සමග එකතු වෙන්න)

සයිටම් ආයතනය වසා දමන ලෙස බලකරමින් පෙරේදා කොළඹදී උද්ඝෝෂණය කළ විශ්වවිද්‍යාල සිසුන්ට එල්ල කළ පොලිස් ප‍්‍රහාරය ට විරෝධය දැක්වීම ඇතුලු කරුණු කිහිපයක් මුල්කර ගනිමින්‍ ලබල සදුදා (22) වරුවක වැඩ වර්ජනයක යෙදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ තීරණය කළේය.

ඒ අනුව රටපුරා රජයේ රෝහල්වලට සේවය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමාජික වෛද්‍යවරුන් එදින පෙරවරු 8 සිට 12 දක්වා පැවැත්වෙන මෛම වැඩ වර්ජනයට සහභාගී වන බව රජයේ වෛදය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසීය

නීති විරෝධී සයිටම් අයතනයට විරුද්ධව උද්ඝෝෂණ කල විශ්වවිද්‍යාල සිසුන්ට රජය විසින් මිලේච්ජ ලෙස පහරදීම ,තුවාල සිදු කිරීම හා අත්අඩංගුවට ගැනීම ,ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීම් සිද්ධියට වගකිව යුතු පුද්ගලයින් අත්අඩංගුවට නොගැනීම ආදී කරුණු මුල් කරගනිමින් එම වර්ජනය ක‍්‍රියාත්මක කරන බවද එම මහතා පැවසීය

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක