Menu

දයාසිරි ආසන සංවිධායක ධූරය එපා කියයි..අලුත් ආසනයක් ඉල්ලා උත්සවයෙන් පිටව යයි

April 9, 2017

කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ශ‍්‍රීලනිප ආසන සංවිධායකවරුන්ට අලුතෙන් පත්වීමේ ලිපි පිරිනෑමීම ජනපතිගේ ප‍්‍රධානත්වයෙන් කොළඹදී ඊයේ(07) සිදුකෙරුණු අතර එම අවස්ථාවට දයාසිරි ජයසේකර මහතා සහභාගී වුවත් බිංගිරිය ආසන සංවිධායක ධූරය බාර නොගෙන පිටව ගොස් ඇතැයි පක්ෂ ආරංචිමාර්ග පවසයි.

අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා බිංගිරිය ආසනයේ සංවිධායකවරයා ලෙස කටයුතු කරන අතර ඔහු පඩුවස්නුවර ආසනයේ ශ‍්‍රීලනිප ආසන සංවිධායක ධූරය ඉල්ලා සිටීම මීට හේතුව යැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

දයාසිරි ජයසේකර මහතා බිංගිරිය ආසන සංවිධායක ධුරය බාර නොගැනීම නිසා බිංගිරිය නිකවැරටිය හා පඩුවස්නුවර යන ආසන තුනේ සංවිධායකවරුන්ට අලුතෙන් පත්වීම් ලිපි පිරිනැමීම සිදුවී නැතැයි පැවසේ

වැඩිපුරම කියැවූ පුවත්

Looking For?

Recent News