Menu

පුංචි ලෝක කුසලානයට යන ශ‍්‍රී ලංකා කණ්ඩායම ගැන මයික් හසීගෙන් අනාවැකියක්

May 18, 2017

චැම්පියන්ස් කුසලානයට යන ශ‍්‍රී ලංකා කණ්ඩායම පිළිබද ඔස්ටෙ‍්‍රිලියානු සුපිරි පිතිකරු මයික් හසී ක්‍රිකට් ඕස්ට්‍රේලියා වෙබ් අඩවිය  සමගින් අදහස් පළ කර තිබුණා

“ශ්‍රී ලංකා කණ්ඩායමේ සංචිතය බැලුවාම දක්ෂ තරුණ ක්‍රීඩකයන් රාශියක් ඉන්නවා.ඔවුන් මොන වෙලාවේ දක්ෂතා අතරට එයිද දන්නේ නෑ.තරුණ කණ්ඩායමක් බය නැතුව නැගිට්ට දවසට ඔවුන් නතර කරන එක කරන්න ලේසි වෙන්නේ නෑ.අනික මේ කණ්ඩායමම තමයි ඔස්ට්‍රේලියාවට ඇවිත් ඔස්ට්‍රේලියාව පරාජය කරලා T20 තරඟාවලිය දිනුවෙත්.”

“මාලිංගගේ අත්දැකීම් එක්ක තරුණයන්ගේ ශක්තිය එකතු වුනොත් මේ කණ්ඩායම කවුරුත් නොහිතන තැනකට යයි.ඇන්ජලෝ මැතිව්ස් කියන්නේ විශේෂ හැකියාවක් තියන ක්‍රීඩකයෙක්.ඒ නිසා මටනම් ලොකු විශ්වාසයක් තියනවා ලංකාව මේ තරඟාවලියේදී ලොකු දෙයක් කරයි කියල.”

-cricketlanka

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක