Menu

ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළි යයි – 23ක් රෝහලේ

May 18, 2017

( Breaking News.lk ෆේස්බුක් පිටුව අත්හිටුවා ඇති අතර සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට අපගේ නව ෆේස්බුක් පිටුව සමග එකතු වෙන්න)

නුවරඑළියේ සිට හග්ගල හරහා පටිටිපොළ දක්වා ධාවනය වු ලංගම බස් රථයක්, එම මාර්ගයේ රේන්දපොළ ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැනීම හේතුවෙන් බස් රථයේ ගමන් ගත් විසිතුන් දෙනෙකු තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුලත් කර ඇති බව නුවරඑළිය පොලිසිය පවසනවා.

අද (18) පස්වරු 2.30 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අනතුරේ තුවාලකරුවන් අතර පාසල් ළමුන් කිහිපදෙනෙකුද සිටින බව වාර්තාවෙයි.

අනතුරෙන් තුවාල ලැබු අයගේ තත්ත්වය බරපතල නොවන බවයි නුවරඑළිය මුලික රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ.

බස් රථය නුවරඑළිය ලංගම ඩිපෝවට අයත් බස් රථයක් වන අතර හදිසියේ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය ලිස්සා ගොස් මෙම අනතුරට සිදුවන්නට ඇතැයි පොලීසිය සැක පහළ කරනවා.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක