Menu

රවීගේ ඇමතිධුරය රකින්න ජනපති දියණිය ඉදිරිපත් වෙයි

May 18, 2017

( Breaking News.lk ෆේස්බුක් පිටුව අත්හිටුවා ඇති අතර සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට අපගේ නව ෆේස්බුක් පිටුව සමග එකතු වෙන්න)

හෙට දිනයේ සිදු කරන බව කියන කැබිනට් සංශෝධන සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ මලික් සමරවික‍්‍රම, මහින්ද අමරවීර යන ඇමතිවරුන් අතර පැවති සාකච්චා එතරම් ප‍්‍රථිපලදායක ලෙස අවසන් වී නැති බව වාර්තා වෙයි.

ඉන් පසුව එජාප මහ ලේකම් ඇමති ඛබීර් හෂීම් ජනාධිපතිවරයා මුණ ගැසී පක්‍ෂයේ අදහස දන්වා ඇත.

නමුත් කැබිනට් මණ්ඩලය වෙනස් කල යුතු යයි මතයේ ජනාධිපතිවරයා සිටින බැවින් ඊට එකග වීමට එජාපයට සිදුව ඇති අතර එහිදී මුදල් ඇමති ධුරයෙන් රවි කරුනානායක මහතා ඉවත් කර එම තනතුර ඇමති කබීර් හෂීම්ට බාර ගන්නා ලෙස ජනාධිපතිවරයා යෝජනා කර ඇත.

නමුත් මුදල් ඇමති රවි කරුනානායක මහතා තම ධුරය රැක ගැනීම සදහා ජනාධිපතිවරයාගේ දියණිය ඇතුළු වෙනත් පුද්ගලික සම්බන්ධකම් උපයෝගී කර ගනිමින් විශාල වෙහෙසක් දරමින් සිටී.

මුදල් ඇමති ධුරය වෙනස් කිරීමට අගමැතිවරයාද පැකිලීමක් දක්වන බැවින් ඇමති කබීර් හෂීම්ට උපෙදස් ලැබී ඇත්තේ හෙට කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙන අවස්තාවට නොසිට විදෙස්ගතවන ලෙසයි.

දැනට ලැබෙන තොරතුරු අනුව මහා මාර්ග අර්ජුන රණතුංගට, වරාය රවි කරුණානායක, උසස් අධ්‍යාපන හා වැවිලි කර්මාන්ත ලක්‍ෂමන් කිරිඇල්ලට ආදී සංශෝධන කිහිපයක් දැනට යෝජනා වී ඇතත් අවසාන හොමොත වන විට කුමකින් කුමක් වේදැයි අවිනිශ්චිත තත්වයක්ද පැන නැගී ඇත.

lankacnews

වැඩිපුරම කියැවූ පුවත්