Menu

මාලිංගට කළ කැපිල්ලට රොහිත්ට වැඩ වරදියි

May 17, 2017

( Breaking News.lk ෆේස්බුක් පිටුව අත්හිටුවා ඇති අතර සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට අපගේ නව ෆේස්බුක් පිටුව සමග එකතු වෙන්න)

අයිපීඑල් තරගාවලියේ මුම්බායි ඉන්දියන් කණ්ඩායම හා පුනේ කණ්ඩායම අතර පැවැති තරගයෙන් ජය වාර්තා කිරීමට පුනේ කණ්ඩායම ඊයේ සමත් වුනා.

එහිදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා පුනේ ඉනිමේ 19වැනි පන්දුවාරය යැවීමට ලසිත් මාලිංග වෙනුවට මැක්ලරගන් කැදවීම ක‍්‍රිකට් විචාරකියන්ගේ දැඩි විවේචනයට ලක් වු අතර සමාජ ජාලා මාධ්‍ය හරහාද දැඩි විචේචන එල්ලවුණා.

ශ‍්‍රී ලංකාවේ සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග පන්දුවාර 03ක් යවා ලකුණු 14කට එක් කඩුල්ලක් ලබා ස්ථාවරව සිටින අවස්ථාවක මාලිංග වෙනුවට මිචෙල් මැක්ලරගන් පන්දු යැවීමට යොදා ගත් අතර එහිදී එම පන්දුවාරයට ලකුණු 26ක් ලබා ගත්තා.

 

වැඩිපුරම කියැවූ පුවත්