Menu

මහින්දානන්ද අත්අඩංගුවට ගැනීමට යන හේතුව හෙළිවෙයි(EXCLUSIVE)

May 16, 2017

( Breaking News.lk ෆේස්බුක් පිටුව අත්හිටුවා ඇති අතර සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට අපගේ නව ෆේස්බුක් පිටුව සමග එකතු වෙන්න)

විදේශ ගතව සිටින රනිල් වික්‍රමසිංහ ලංකාවට පැමිණීමට පෙර මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගන්නා ලෙස නියෝජ්‍ය පොලිස් පති රවී විද්‍යාලංකාර නියෝග ලබා දී ඇති බව වාර්තා වේ.

මෙලෙස මහින්දානන්ද මන්ත්‍රී වරයා අත්අඩංගුවට ගැනීමට හේතු ලෙස වාර්තා වන්නේ  ක්‍රීඩා ඇමති වරයාව සිටියදී කැරම් බෝඩ් 14000 බෙදා දීමේ සිද්දිය යි.

මහින්දානන්ද මන්ත්‍රී වරයා දිගින් දිගටම ඒකාබද්ධ විපක්ෂයේ හිදිමින් ආණ්ඩුවට දැඩි විවේචන එල්ල කළ අතර ටොප් ටෙන් හොරු හරහා ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරුන්ට එරෙහිව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිශන් සභාවේ චෝදනා ගොනු කිරිම සිදු කළේය.

ඒ අනුව මෙම සිරගත කිරීම දේශපාලන පළිගැනීමේ කුමන්ත‍්‍රණයක් බව ද දේශපාලන විචාරකයින් පවසයි

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක