Menu

‘විස්සයි විස්ස තරගාවලිය අභියෝගයක් වේවි’..තිසර තරගයට පෙර අනාවැකි කියයි

February 13, 2018

තුන්කොන් තරගාවලිය හා ටෙස්ට් තරගාවලිය ජයගෙන තිබුණත් 15 වැනිදා ආරම්භ වන විස්සයි විස්ස තරගාවලිය අභියෝගයක් වනු ඇති බවට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ තුන්ඉරියව් ක‍්‍රිඩක තිසර පෙරේරා පවසනවා.

පෙරේරා විශ්වාස කරනුයේ ශ‍්‍රී ලංකා කණ්ඩායමට තරගාවලිය සාර්ථකව ආරම්භ කිරීමට හැකි බවයි

‘ක‍්‍රිකට් තරගයක කවුරු දිනයිද කවුරු පරදියිද කියලා කියන්න බෑ..ඒත් වැරදි අඩුවෙන්ම කරන කණ්ඩායම ජයග‍්‍රහණයක කරයි.බංගාදේශය තරගාවලි දෙකක් පරාජයට පත්වෙලා ඉන්න නිසා ඒ අය උත්සාහ කරයි විස්සයි විස්ස තරගාවලිය දිනන්න.ඒත් මම විශ්වාස කරනවා ශ‍්‍රී ලංකා කණ්ඩායමට තරගාවලිය සාර්ථකව ආරම්භ කරන්න පුලුවන් වෙයි කියලා’..යැයි තිසර මීර්පූර්හි පැවැති මාධ්‍ය හමුවේදී පවසා සිටියේය.

තිසර පෙරේරා 2017 වර්ෂයේ නොවැම්බර් මාසයේ පැවැති බංගලාදේශ ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ රාන්පූර් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් දස්කම් දැක්වීමට සමත් වූ අතර තරග කිහිපයකදි අවසන් පන්දුවාරයේදි කණ්ඩායම ජයග‍්‍රහණය කරවීමට ද සමත් විය.

‘මම බංගලාදේශයේ ගොඩක් තරග ක‍්‍රිඩා කරල තියනවා..ඒක ගොඩක් වටිනවා..බංගාදේශ ප‍්‍රිමියර් ලීග් තරගාවලියෙත් දස්කම් දක්වන්න පුලුවන් උනා.මම මගේ දුර්වල පැත්ත ගැන හිතුවේ නැ..ඒකයි මට සාර්ථක වෙන්න පුලුවන් උනේ..’

අබාධයට ලක්වු බංගලාදේශ ටෙස්ට් නායක සකීබ් පිළිබදවද තිසර මාධ්‍ය හමුවේදී අදහස් දක්වා සිටියේය.

‘හැමෝම දන්නවා..සකීබ් කියන්නේ දක්ෂ ක‍්‍රීඩකයෙක්..ඔහුට තරගයක් වෙනස් කරන්න පුලුවන්..ඉතින් මම හිතනවා බංගලදේශ කණ්ඩායම සකීබ් අහිමි වීම ලොකු පාඩුවක් කියලා’

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක