Menu

තිසර සමග වැඩ දැමූ ක‍්‍රීඩකයින් දෙදෙනෙකු බංගලාදේශයට කැදවයි..

February 13, 2018

ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග දෙකකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය සදහා බංගලාදේශ කණ්ඩායමේ කඩුලු රකින ක‍්‍රිඩකයකු වන මෙහොමඩ් මිතුන් හා වමත් දග පන්දු යවන ක‍්‍රීඩක නස්මුල් ඉස්ලාම් සංචිතයට ඇතුළත් කිරීමට එරට තේරිම් කමිටුව තීරණය කර ඇති බවට වාර්තා වනවා.

බංගලාදේශ ක‍්‍රිකට් ආයතනය නිල වශයෙන් මේ පිළිබදව නිවේදනය කර නොමැති වුවත් අබාධ තත්වය සුවනොවීම හේතුවෙන් නිත්‍ය නායක සකීබ් සංචිතයෙන් ඉවත්විම නිසා මෙම තීරණය ගෙන ඇති බවට වාර්තා වෙයි.

මෙහොමඩ් මිතුන් හා නස්මුල් ඉස්ලාම් බංගලාදේශ ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවය දිනූ තිසර පෙරේරා ක‍්‍රීඩා කළ රාන්පූර් කණ්ඩායම නියෝජනය කළ අතර එහිදී මිතුන් තරග 13කදී ලකුණු 329ක් රැස් කර ගැනීමට සමත් විය.

එම තරගාවලියේ ඔහුගේ පන්දුවට පහරදීමේ පහරදීමේ ප‍්‍රහාරාත්මක වේගය 117.5ක් වූ අතර පිතිකරණ සාමාන්‍ය 29.9ක් විය.2016 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසු මේ දක්වා මිතුන් බංගලාදේශ ජාතික කණ්ඩායම නියෝජනය කර නොමැත.

නස්මුල් ඉස්ලාම් බංගලාදේශ ප‍්‍රිමියර් ලීග් තරගාවලියේදී රාන්පූර් කණ්ඩායම වෙනුවෙන් ඉනිම් 10කදී කඩුලු 12ක් බිද හෙළිමට සමත් වූ අතර පන්දුවාරයක ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය ලෙස දැක්වුයේ 6.53ක අගයකි.

ඒ අනූව ශ‍්‍රී ලංකා කණ්ඩායමට එරෙහි නම් කළ බංගලාදේශ සංචිතයට විස්සයි විස්ස වරම් හිමි නොවූ ක‍්‍රීඩකයින් 06 දෙනෙකු ඇතුළත්ව ඇත.ශ‍්‍රි ලංකාව හා බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය අනිද්දා (15) පැවැත්වීමට නියමිතයි

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක