Menu

‘167ක බලය පිහිටුවන්න අපි නැතුව බෑ’..මහින්ද අමරවීර

February 13, 2018

නිමා වූ පළාත් පාලන මැතිවරණයට අදාළව පළාත් පාලන ආයතනවලින් 167කට ආසන්න ප්‍රමාණයක බලය පිහිටුවීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහාය අවශ්‍ය බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් මහින්ද අමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එසේ වුවත් එක් පක්‍ෂයකට තනිව පාලන බලය පිහිටුවිය නොහැකි පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් තේරී පත්වූ නියෝජිතයන්ට නිශ්චිත උපදෙස් හා මගපෙන්වීමක් කරනු ලබන බවත් ඔහු පවසයි.

එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේඛනයෙන් පත් වන නියෝජිතයින් නම් කිරීම සඳහා මැතිවරණ කොමිසම මගින් ලබා දෙන කොට්ඨාස පදනමේ මැතිවරණ ප්‍රතිඵල හා පත් විය යුතු නියෝජිත සංඛ්‍යාව තීරණය කළ පසු එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ලබා දෙන නිර්ණායක මත ආසන සංවිධායක හා දිස්ත්‍රික් නායකයින්ගෙන් විමසා අදාළ මන්ත්‍රීවරුන් පත් කරන බව ය.

මෙතෙක් පාලන බලය පිහිටුවීම සඳහා කිසිදු පාර්ශවයක් සමග එකඟතාවකට පත්ව නොමැති බව ද මහින්ද අමරවීර මහතා සිය නිවේදනයෙන් දන්වා තිබේ.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක