Menu

‘එජාප තනි ආණ්ඩුවක්..’ – පසුපෙළ මන්ත‍්‍රීවරු සමග පැවැති සාකච්ජාවේදී ගත් තීන්දු තීරණ මෙන්න

February 13, 2018

ඉදිරි වසර දෙක හමාර තුළ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව වාර්තාවෙයි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය හා එක්ව ආණ්ඩුවක් කරගෙන යෑමට කැමති ඕනෑම පක්ෂයකට ආණ්ඩුවට එක්විය හැකි බවටද ඔවුන් තීරණයක් ගෙන ඇත.

මීට සුලු මොහොතක පෙර අරලිය ගහ මන්දිරයේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග එජාපයේ පසුපෙළ මන්ත‍්‍රිවරු 16දෙනෙක් සාකච්ජාවක නිරත වූ අතර එම සාකච්ජාව නිමවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම මන්ත‍්‍රිවරු පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවීමට යෝජනා කළ බවයි.

”අපි තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ඇති කිරීමට තීන්දුවකට පැමිණියා. මෙය හොඳ අවස්ථාවක්. ඉස්සෙල්ලාම ආණ්ඩුව තැනීය යුතුයි. රට ස්ථාවර කළාට පසුව. රට ඉදිරියට ගෙන යන්න බැරි වුණේ යහපාලන ආණ්ඩුවක් කරපු නිසයි.” 

ඒ පිළිබදව අදහස් දැක්වූ මයන්ත දිසානායක මන්ත‍්‍රිවරයා පවසා සිටියේ පක්ෂය තුල වෙනස්වීම් සිදුකරමින් තනි ආණ්ඩුවක් පිහිටුවන බවයි

‘රතු එළියක් නොවේ, කණේ පහරක්. පක්ෂය තුළ වෙනස් වීම් සිදුකරමින් තනි ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළ යුතුයි. අපේ යෝජනා ඉදිරිපත් කිරීමයි සිදු කළේ. නායකතුමා හා කෘත්‍යාධිකාරී මණ්ඩලය සාකච්චා සිදුකර එම වෙනස් වීම් සිදුකළ යුතුයි.’

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක