Menu

‘මැතිවරණයේ කූජීත වූ ජනපතිට පුලුවන්ද එජාපය ගැන තීරණයක් ගන්න..’ – එජාප – ශ‍්‍රීලනිප කඹ ඇදිල්ල දිගට ම..අලුත්ම තත්වය මෙන්න..

February 13, 2018

තනි ආණ්ඩුවක් ලෙස ඉදිරියට යාම සඳහා එක්සත් ජාතික පක්ෂය තීරණයකට එළඹෙමින් සිටින බව වාර්තාවේ.

ජනාධිපතිවරයා සමග සඳුදා ( 12) රාත්‍රී පැවති සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍ය මංගල සමරවීරගේ නිවසේ පැවති තවත් හමුවකදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව වාර්තා වෙයි.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් එහිදී තීරණයක් නොගැනුණු අතර, එවන් තීරණයක් ගැනීමට පළාත් පාලන මැතිවරණයේදී 12%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයිතියක් නොමැති බවත්, එවැන්නක් තීරණය කළ යුත්තේ එක්සත් ජාතික පක්ෂය බවත් අදාළ සාකච්ඡාවේ නිගමනය වී තිබේ.

කෙසේවෙතත්, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයේ වෙනත් අයෙක් එම තැන ගත යුතු බව ජනාධිපතිවරයා ඉතා ඕනෑකමින් එක්සත් ජාතික පක්ෂයට දන්වා ඇති බව එම වාර්තා වැඩිදුරටත් දක්වයි

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් තමන් සමග ආණ්ඩුවේ රැදී සිටින්නේ ද, නැතිනම් ඉන් ඉවත්වන්නේ ද යන්න එම පක්ෂය තීරණය කළ යුතු බව ද ඊයේ (12) රාත්‍රී පැවති සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වයේ අදහස වී තිබේ.

කෙසේවෙතත්, තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් අද රාත්‍රී ජනාධිපතිවරයා හමුවීමට නියමිත බව ද වාර්තා වෙයි.

ඊට පෙර, ඔවුන් අරලියගහ මන්දිරයේදී හමුවී සාකච්ඡාවක යෙදෙනු ඇත.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ද සම්බන්ධ කරගෙන තනි ආණ්ඩුවක් පිහිටුවන බවට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ අදහසට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ එවැනි ශ්‍රීලනිප සාමාජිකයන්ට තමන් අමාත්‍ය පදවි ලබා නොදෙන බව යැයි ඊයේ (පෙබ.12) වාර්තාවිණි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක