Menu

පාර්ලිමේන්තුව විසුරුවීමට ජනපතිගෙන් තින්දුවක්?එජාපයේ අවසන් තීරණය එළියට..

February 13, 2018

ඉදිරි වසර දෙකහමාරක කාලය තුළ රජය ඉදිරියට ගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තිරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම මහතා ප්‍රකාශ කළා.

මේ සඳහා ඕනෑම පක්ෂයකට සම්බන්ධ විය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් අග්‍රාමාත්‍යවරයාට සඳහන් කර තිබුණේ, තමන් තීන්දුවක් ගැනීමට පෙර අවසන් තීරණයකට එළැඹෙන ලෙසටයි.

ජන මතයට ගරුකරමින් පාර්ලිමේන්තුව විසුරුවීමට ද තමා අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා එහි දී ප්‍රකාශ කර ඇති බව වාර්තා වුණා.

එමෙන්ම නිදහස් පක්ෂයේ යෝජනාව අනුව යමින් ජනාධිපතිවරයා ද අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවට ප්‍රකාශ කර ඇති අතර එහි දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කර ඇත්තේ නිදහස් පක්ෂයට උවමනා ලෙස තමන් සහ තම පක්ෂය තීරණ ගැනීමට සූදානම් නොමැති බවයි.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය ධූරය කරූ ජයසූරිය කතානායකවරයාට ලබා දීමේ යෝජනාවක් ද එහි දී ඉදිරිපත් වී තිබෙනවා.

මේ අතර පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් විය යුතු බවට ද පක්ෂය තුළින්ම පුළුල් මතයක් ගොඩ නැගී ඇති බව පැවසෙනවා.

කරූ ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස යන දෙදෙනාගෙන් එක් අයෙකුට පක්ෂ නායකත්වය ලබා දිය යුතු බවටත්, අගමැති ධූරය ද වෙනස් කොට තනි එජාප ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවටත් යෝජනා වී ඇති බවයි සඳහන් වන්නේ.

තව ද එජාපය විසින් තනි සුළුතර ආණ්ඩුවක් පිහිටුවීමට ද පක්ෂය තුළ යෝජනා වී ඇති අතර පාර්ලිමේන්තුවේ අවැසි වූ විට දෙමළ ජාතික සන්ධානයේ සහය ලබා ගැනීමට එජාපය අපේක්ෂා කරන බව ද වාර්තා වනවා.

ඒ අනුව ඉදිරි වසර දෙක තුළ එජාපය පවත්වාගෙන යන්නේ කුමන ආකාරයේ ආණ්ඩුවක් ද යන්න පිළිබඳව තවමත් වාර්තා වන්නේ නැහැ.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක