Menu

2023 ලෝක කුසලානය ඉන්දියාවට අහිමිවෙයි?..ශ්‍රී ලංකාවට වැඩි වාසි..

February 13, 2018

ඉන්දියාවේ පැවැත්විමට නියමිතව ඇති 2021 චැම්පියන්ස් කුසලානය හා 2023 ලෝක කුසලානය පැවැත්වීමේ අවස්ථාව ඉන්දියාවට අහිමිවීමේ තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වෙයි .

මෙම සිදුවීමට හේතුව වන්නේ ඉන්දියාවේ බලපැවැත්වෙන බදු අර්බුදයකි. මෙයට හේතුව ඉන්දියානු රජය විසින් මෙම තරඟාවලි පැවැත්වීමේදී අයිසීසියට බදු නිදහසක් ලබා නොදීමය.

මේ හේතුව නිසා අයිසීසීයට ඇමරිකානු ඩොලර් මිලියන සියයක පමණ පාඩුවක් වීමේ අවධානමක් ඇති වන බව පැවසේ , මෙම ප්‍රශ්නය නොවිසඳුනහොත් එම තරගාවලි පැවැත්විම වෙනුවෙන් විකල්ප ස්ථාන සෙවීමට පැවරීමට අයිසීසියේ පාලනාධිකාරය තීරණය කර ඇත.

2016 වසරේ චැම්පියන්ස් කුසලානය පැවැත්වීමෙන්ද ඉන්දියාවේ මෙම බදු ලිහිල් නොකිරීමේ හේතුව මත අයිසීසිය ඇ.ඩො මිලියන 20කට අධික ප්‍රමාණයක් අහිමි වීමේ හේතුවද මේ ප්‍රශ්නය සමග නැවත කතාබහට ලක්වී ඇත..

නමුත් මෙලෙස බදු නිදහස් කර හෝ මෙම තරගාවලි පැවැත්වීම මගින් ඉන්දියාවට විශාල වාසි සංචාරක කර්මාන්තය ඇසුරින් ඇතිවිය හැකි බවත් එම මුදල් ප්‍රමාණය බදු මුදලින් උපයාගන්නා ප්‍රමාණයට වඩා අධික අගයක් ගනු ඇතැයි යන්න ඉන්දියාවට තේරුම් ගිය හොත් ඉන්දියාවේ මෙම දැඩි තීරණ වෙනස් වීමට ඉඩ ඇත.

මෙම තත්ත්වය අනුව ඉන්දියාවට ලැබෙන අවස්තාව ශ්‍රී ලංකාවට හෝ බංග්ලාදේශයට හිමිවිය හැකි බව ද විදෙස් මාද්‍ය වාර්තා කර ඇත.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක