Menu

ලාංකීය දේශපාලනය දෙදරයි..රනිල් ඉවත්වේ ද? ජනපති සමග තීරණාත්මක සාකච්ඡාවක්

February 12, 2018

අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් ඉල්ලා අස් විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දරන අදහස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තහවුරු කර ඇතැයි වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් ජනපතිවරයා සහ අගමැතිවරයා අතර සාකච්ඡාවක් මේ වනවිට කොළඹ පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේ පැවැත්වෙමින් තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් නව අගමැතිවරයෙක් පත්කර ගන්නා මෙන් ජනාධිපතිවරයා එම පක්ෂයට දැනුම් දී තිබෙන බව ද ඉහත කී අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය පරිදි සිය පක්ෂයේ සංශෝධන සිදුකිරීමට සූදානම් නැති අතර, එවැන්නක් සිදු විය යුත්තේ සිය පක්ෂය තුළින් බව මේ අතර අගමැතිවරයාගේ ස්ථාවරය වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ද සම්බන්ධ කරගෙන තනි ආණ්ඩුවක් පිහිටුවන බවට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ අදහසට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ එවැනි ශ්‍රීලනිප සාමාජිකයන්ට තමන් අමාත්‍ය පදවි ලබා නොදෙන බවය.

එමෙන්ම එජාපය දෙමළ ජාතික සන්ධානය සමග එක්ව නව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම්, එවිට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අදහස ඉවත්කර ගැනීමට දෙමළ ජාතික සන්ධානයට සිදුවනු ඇති බව ද ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබේ.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක