Menu

නිදහස් කුසලානයටත් බංගලාදේශය වෙනසක් නැතුවම ලංකාවට එයි

February 12, 2018

මාර්තු මාසයේ ලංකාවේ පැවැත්වෙන නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලිය  සදහා බංගලාදේශ කණ්ඩායම පුහුණුකරුවකු නොමැතිව සහභාගී වීමට නියමිත බව වාර්තා වනවා.

දිගුකාලීන පුහුණුකරුවකු පිළිබදව මේ වන තෙක් අවසන් තීරණයක් ගැනීමට නොහැකි වීම හේතුවෙන් බංගලාදේශ ක‍්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි

 

පසුගිය නොවැම්බර් මාසයේ චන්දික හතුරුසිංහ බංගලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ධූරයෙන් ඉවත් වු අතර එම ඉල්ලා අස්වීමෙන් පසු බංගලාදේශ කණ්ඩායමේ පළමු තරගාවලිය වූයේ පසුගිය මාසයේ නිමාවූ තුන්කොන් තරගාවලියයි.එහිදී ශ‍්‍රී ලංකා කණ්ඩායම හමුවේ  පරාජය වීමට බංගලාදේශ පිළට සිදුවූ අතර ටෙස්ට් තරගාවලිය ද 1-0ක් ලෙස පරාජයට පත්විය.

නිදහස් කුසලාන තුන්කොන් තරගාවලිය සදහා බංගලාදේශ කණ්ඩායම මාර්තු 04 වන දින ශ‍්‍රී ලංකාවට පැමිණිමට නියමිතව ඇත.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක