Menu

තනි ආණ්ඩු කතාව බොරුවක්..ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

February 12, 2018

පළාත් පාලන මැතිවරණයෙන් පසු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හා අගමැති රනිල් අතර ඇතිවූවායැයි කියන එකගතා පිළිබදව කිසිදු සත්‍යතාවක් නැතැයි ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි

ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරන්නේ එලෙස කිසිදු තීරණයක් ජනාධිපතිවරයා විසින් මෙතෙක් ගෙන නොමැති බවයි.අප ඔවුන්ගේ කල විමසීමකදී පවසා සිටියේ මෙලෙස පැතිර යන පුවත් වල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් ඉදිරි දින කිහිපයදී ජනාධිපතිවරයා විසින් තීරණයක් ගනු ඇති බවය.

තවද මේ පිලිබදව කිසිදු සකාච්ජාවක් හෝ මේ වනතෙක් පවත්වා නොමැති අතර ඉදිරියේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරි දේශපාලන තීරණය දැනුම් දෙනු ඇතැයි එම ආරංචි මාර්ග පවසා සිටියා.

ඒ අනුව මේ වන විට පැතිර යන එජාප තනි ආණ්ඩුවක් යන පුවත් මුළුමනින්ම අසත්‍යක් වන අතර ඉදිරියේදී ආණ්ඩු පක්ෂයේ දේශපාලන ගමන ජනාධිපතිවරයා විසින් ඉදිරි සතිය ඇතුලත ප්‍රකාශ කරනු ඇත.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක