Menu

බංගලාදේශ ක‍්‍රිකට් කණ්ඩායම ගැන හතුරුසිංහ දුකෙන්..

February 12, 2018

ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම අතර පැවැති අවසන් ටෙස්ට් තරගයේදි බංගලාදේශ පිතිකරුවන් ශ‍්‍රී ලංකා පන්දුයවන්නන් ඉදිරියේ අන්ත අසරණ වූ අතර පසුගිය කාලයේ එංගන්තය හා ඔස්ටේ‍්‍රලියාව පරාජය කළ ඔවුන්ට එම තරගයේ ඉනිම් දෙකේදිම ලබාගත හැකි වූ පළමු ඉනිමේ ලකුණු 110ක් හා දෙවැනි ඉනිමේ ලකුනු 123ක් පමණි.

බංගලාදේශ කණ්ඩායම පසුගිය කාලයේ ලබාගත් ජයග්‍රහණ පිටුපස සිටි ප්‍රධානම බලවේගයක් වූ චන්දික හතුරුසිංහ බංගලාදේශයේ පුහුණුකාර ධුරයෙන් සමුගෙන ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එකතු වීමද බංගලාදේශය ලබාගත් පරාජයට විශාල හේතුවක් වූ අතර ඔහු ටෙස්ට් තරඟාවලියේ අවසානය සමඟ බංගලාදේශ කණ්ඩායම ක්‍රීඩා කල ආකාරය දුටු විට තමාට දුක හිතුන බව බංගලාදේශ මද්‍යයකට පවසා තිබිණි.

“ඇත්තටම දෙවැනි තරඟයේ බංගලාදේශ කණ්ඩායම සෙල්ලම් කරපු විදිය දැක්කම මට දුක හිතුන මොකද,ඔවුන්ට ඔවුන්ගේම තණතිලි වල මීට වැඩිය සටනක් දෙන්න තිබුන.මොකද ඔවුන්ට හොඳ කණ්ඩායමක් ඉන්නවා.පිතිකරුවෝ ඇත්තටම පහුගිය කාලේ හොඳට වැඩ පෙන්නපු අය,ඔවුන්ට හැකියාව තියනවා,අවශ්‍ය සුදානම තිබුනද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ.කොහොම වුනත් මේ විදියට සටනක් නොදීම පරදින එකනම් අපරාදයක්.මම කියන්නේ නෑ හැමතැනදිම දිනන්න පුළුවන් කියල හැබැයි කණ්ඩායමට මීට වඩා තරඟකාරී කණ්ඩායමක් වෙන්න තිබුන කියලනම් මම කියනවා.”

තරඟය පැවති මීන්පුර් තණතිල්ල පිළිබඳව කතා කර ඇති චන්දික පවසා ඇත්තේ පසුගිය තුන්කොන් තරඟාවලියේ සියලු තරඟ පැවති මෙම තණතිල්ල ටෙස්ට් තරඟයකට යොදා ගන්නා විට මීට වඩා සිතන්නට තිබුන බවය.

පසුගිය කාලයේ බංගලාදේශ ක්‍රීඩකයන් සහ පාලකයන් තරඟාවලිය ගැන කියූ අනාවැකියක් වුයේ චන්දික ක්‍රීඩා නොකරන නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් තර්ජනයක් එල්ල නොවනු ඇති බවය.චන්දික එම කතාවටද මෙම හමුවේදී පිළිතුරක් ලබා දී ඇත.

“මම පිත්තක් අරගෙන පහර දෙන්න යන්නෙත් ,පන්දුවක් අරගෙන පන්දු යවන්නේවත් නෑ තමයි,හැබැයි පුහුණුකරුවා විදියට මොනවද ක්‍රීඩකයන්ගෙන් වෙන්න ඕන කියන දේ මම දෙනවා.”

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක