Menu

ක‍්‍රීඩා ඇමති දයාසිරි ඇමතිධූරය අත්හරියි?

February 12, 2018

පළාත් පාලන මැතිවරණයෙන් ලැබූ දරුණු පරාජය හේතුවෙන් ක‍්‍රිඩා ඇමති දයාසිරි ජයසේකර මහතා සිය ඇමතිධූරය අත්හැරීමට සූදානම් වන බව ඉන්දියානු වෙඞ් අඩවියක් වන ක‍්‍රිකට් ඒජ් වෙබ් අඩවිය වාර්තා කරනවා

එම මැතිවරණයෙන් ජනපති මෛත‍්‍රීපාල හා අගමැති රනිල් වික‍්‍රමසිංහ පරදා විශිෂ්ට ජයක් ලැබීමට හිටපු ජනපති මහන්ද රාජපක්ෂ සමත්විය.

ක්‍රීඩා ඇමති වරයා නියෝජනය කරන ආසනයද   හිටපු ජනාදිපති මහින්ද රාජපක්ෂ සහය දුන් ශ්‍රී ලංකා  පොදු ජන පෙරමුණ ජය ගැනීම සමඟ ජනාදිපති මෛත්‍රීපාල සිරිසේනට සම්බන්ද පක්ෂයේ ඇමති වරයෙකු ලෙස දයාසිරි මෙම තීරණය ගෙන ඇති බව එම වෙබ් අඩවිය වැඩි දුරටත් සඳහන් කර ඇත.

දයාසිරි ජයසේකර අමාත්‍යවරයා කුරුණෑගල දිස්ත්‍රික්යේ පඩුවස්නුවර ආසනයේ ශ්‍රිලනිප සංවිධායක වන අතර එම සභාවේ කොට්ඨාස 22 න් 18 ක් පොහොට්ටුව දිනූ අතර 3 ක් එජාපයට ත් 1 ක් ශ්‍රිලනිප දිනා ගත්තේ ය. එමෙන්ම පොහොට්ටුව ඡන්ද 27794 ක් ලබා ගන්නා විට දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ගේ කණ්ඩායමට හිමි වූයේ ඡන්ද 11794 ක් වන අතර අමාත්‍යවරයා ගේ ශ්‍රිලනිප කණ්ඩායම 3 වෙනි ස්ථානයට වැටි ඇත.

පසුගිය කාලයේ වඩාත් විවේචනයට තුඩුදුන් අමාත්‍යාංශයක් වූ ක්‍රීඩා අමාත්‍යංශයේ වගකිව යුතු ඇමති වරයා ලෙස දයාසිරි ජයසේකර ගත් ඇතැම් තීරණ සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල සමඟින් ගත් ඇතැම් එකඟතාවයන් ද දැඩි විවේචනයට බඳුන් වූ බවත් මාලිංගගේ ප්‍රශ්නය වැනි අවසථාවල ඔහු ක්‍රීඩා ඇමති වරයාගෙන් ඔබ්බට ගොස් ක්‍රිකට් ඇමති වරයා ලෙස කටයුතු කල බවද මතක් කරදෙන මෙම වෙබ් අඩවිය පවසන්නේ ඉදිරියේ සිදුවන වෙනස සමඟ ක්‍රීඩා ඇමති වරයා තම තනතුර අතහරිනු ඇති බවය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක