Menu

විස්සයි විස්ස තරගාවලියට නම් කළ සංචිතයේ වෙනසක්..

February 12, 2018

ශ‍්‍රී ලංක කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම අතර 15 වැනිදා ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය බංගලාදේශ ටෙස්ට් හා විස්සයි විස්ස නිත්‍ය නායක සකීබ් අල් හසන් හට අහිමි වන බව වාර්තා වනවා.

කෙසේ වෙතත් මේ පිළිබදව බංගලාදේශ ක‍්‍රිකට් ආයතනය නිල වශයෙන් දන්වා නොමැති අතර සකීබ් මාධ්‍ය හමුවේ දක්වා ඇත්තේ අබාධය තවමත් පූර්ණ වශයෙන් සුව වී නොමැති බවයි.

ඒ හේතුවෙන් විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය මහමදුල්ලා හට හිමිවෙන බව එම වාර්තා වැඩිදුරටත් දක්වයි.

”ක‍්‍රිකට් ආයතනය මේ පිලිබදව අවසන් තීරනයකට තවමත් පැමිණිලා නෑ..ඒත් වෛද්‍යවරයා කියන්නේ අබාධය පූර්ණ සුව වෙන්න තවත් සති දෙකක් විතර යයි කියලා”.. යැයි සකීබ් ඊයේ පැවැති මාධ්‍ය හමුවේදි පවසා තිබුණි.

වැඩිදුරටත් අදහස් දක්වමින් සකීබ් පවසන්නේ මාර්තු මාසයේ ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන නිදහස් කුසලානය සදහා ක‍්‍රිඩා කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.

කෙසේ වෙතත් පසුගියදා නම් කළ බංගලාදේශ විස්සයි විස්ස සංචිතයට සකීබ් ඇතුලත් කර තිබුණි.තුන්කොන් තරගාවලියේ අබාධයට ලක්වූ සකීබ් ට එම තරගාවලියේ අවසන් තරගය හා ශ‍්‍රී ලංකාව සමග පැවැති ටෙස්ට් තරගාවලිය අහිමි විය.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක