Menu

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් නිකුත් කරයි..රොශෙන් සිල්වා ඉදිරියටම එයි

February 12, 2018

ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම අතර පැවැති ටෙස්ට් තරගාවලියෙන් පසු අයි.සි.සි ක‍්‍රිකට් ආයතනය නවතම ටෙස්ට් ශ්‍රේණිගතකිරීම් නිකුත් කොට තිබෙනවා.

එහි පිතිකරණ ලැස්තුවේ 09 වැනි ස්ථානයේ සිටි දිනේෂ් චන්දිමාල් දෙවැනි ටෙස්ට් තරගයේ අසාර්ථක පිතිහරඹයක නිරත වීම හේතුවෙන් ස්ථාන 03ක් පසුපසට ගොස් 12වැනි ස්ථානය හිමිකරගෙන ඇත.

දෙවැනි තරගයේ පළමු ඉනිමේ අර්ධ ශතකයක් ලබාගත් කුසන් මෙන්ඩිස් ස්ථාන 14ක් ඉදිරියට පැමිණෙමින් 21වැනි ස්ථානය හිමිකර ගෙන ඇති අතර තරගාවලියේම අසාර්ථක වූ දිමුත් කරුණාරත්න ස්ථාන 07ක් පසුපසට යමින් 32 වැනි ස්ථානය හිමිකර ගෙන ඇත.

ධනංජයද සිල්වා ස්ථාන 09ක් ඉදිරියට එමින් 38 වැනි ස්ථානයේද, නිරෝෂන් දික්වැල්ල ස්ථාන 03ක් පසුපසට යමින් 45වැනි ස්ථානයේද පසුවෙයි.

පළමු ටෙස්ට් තරගයේ ශතකයක් රැස් කිරීමට නිසා 106 වැනි ස්ථානයේ සිටි 78 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණි රොශේන් සිල්වා දෙවැනි තරගයේදී කණ්ඩායම් දෙකේම කඩුලූ 40ක් බිදවැටෙද්දී ඉනිම් දෙකේදීම විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කිරීම හේතුවෙන් ස්ථාන 29ක් ඉදිරියට පැමිණෙමින් සිය ටෙස්ට දිවයේ හොදම ස්ථානය සටහන් කරගනිමින් 49වැනි ස්ථානය හිමිකරගෙන ඇත.

සිය මංගල ටෙස්ට් තරගයට සහභාගී වු අකිල ධනංජය පළමු ඉනිමේ ලකුණු 20කට කඩුලූ 03ක් හා දෙවැනි ඉනිමේ ලකුණු 24කට කඩුලූ 05ක් දවාගත් අතර ඔහු පන්දුයවන්නන්ගේ ලැයිස්තුවේ 58වැනි ස්ථානයේ පසුවන අතර සුරංග ලක්මාල් ස්ථාන 03ක් ඉදිරියට පැමිණෙමින් 30වැනි ස්ථානය හිමිකර ගෙන ඇත.

දෙවැනි ඉනිමේ කඩුලූ 04ක් බිද දමමින් ලොව වැඩිම කඩුලූ ලාභී වමත් පන්දු යවන්නා ලෙස වාර්තා අතරට එක්වූ රංගන හේරත ස්ථාන 02ක් පසුපසට යමින් 08වැනි ස්ථානය හිමි කරගෙන ඇත.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක