Menu

‘මාලිංග අපේ සැලසුම් වල කොටසක්’..මාලිංගගේ සමුගැනීම ගැන ලැබ්රෝයි කියන කතාව මෙන්න

February 12, 2018

ශ‍්‍රී ලංකා තේරීම් කමිටුව දිගින් දිගමට කණ්ඩායමට තෝරා නොගැනිම නිසා පසුගියදා විදෙස් මාධ්‍ය සමග අදහස් දැක්වු මාලිංග පවසා සිටියේ තමාට නැවත ජාත්‍යන්තර තරඟ සදහා ක්‍රීඩා කිරීමට අවස්තාව ලැබේද යන්න තමා නොදන්නා බවත් මානසිකව තමා ක්‍රිකට් වලින් සමුගෙන ඇති බවත්ය.

ජාතික කණ්ඩායමට පැමිණීමට නම් දේශීය තරඟ වලට ක්‍රීඩා කර දක්ෂතා පෙන්වා නැවත පැමිණෙන්න ට තමාගේ ශරීරය සුදානම්ද යන්න ඉදිරියේ තීරණය වනු ඇති බවත් පවසා තිබුන ඔහු වැඩි දුරටත් පවසා තිබුනේ මේ කිසිඳු තත්වයක් ගැන තමා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමඟ කතා කර නැති බවය.

මාලිංග කල මේ ප්‍රකාශය ගැන ප්‍රතිචාර දක්වමින් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි පවසා ඇත්තේ මාලිංග ගැන තේරීම් කමිටුව තවම අවධානය යොමුකර ඇති බවය..

ඔහු තවමත් අපේ සැලසුම් වල කොටසක්..අපි කවදාවත් කියලා නෑ මාලිංග අසම්පුර්ණයි කියලා.ඔහුට පුලුවන්නම් දේශිය තරගවල දක්ෂතා දක්වන්න..අපිට පුලුවන් ඔහු ගැන සලකා බලන්න

“මටත් දැනගන්න ලැබුන මාලිංග 2019 ලෝක කුසලානය වෙනකම් ක්‍රීඩා කරන්න මානසිකව සූදානම් නෑ කියල කියපු කතාවක් ගැන,ඒත් අපිට ඒ කථාව එක්ක තීරණ ගන්න බෑ මොකද අපිට තවම ඒ ගැන මාලිංග නිල වශයෙන් කියල නෑ තවම.”

මේ වන විට අන්තර්ජාතික තරග 492ක සහභාගි වී ඇති ලසිත් මාලිංග අවසන් වරට ක‍්‍රීඩා කළේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයෙදී ඉන්දියානු කණ්ඩායම සමග ලංකාවේදී පැවැති තරගාවලියයි.

අනතුරුව පැවැති පාකිස්තානු හා ඉන්දියානු සංචාර සදහා ඇතුළත් නොවූ ලසිත් මාලිංග තුන්කොන් තරගාවලියට නම් කළ මූලික සංචිතයට ද ඇතුළත් නොවුණි.

කෙසේ නමුත් එළඹෙන බංගලාදේශය සමඟ T20 තරඟ දෙක සඳහා නම් කල සංචිතයටද මාලිංග ඇතුලත් වන්නේ නැත.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක