Menu

ලංකා කම්කරු කොංග‍්‍රසය සහ පොදු ජන පෙරමුණ නුවරඑළියේ හවුල් පාලනයක්

February 11, 2018

නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතන 11ක බලය ලංකා කම්කරු කොංග‍්‍රසය ජයග්‍රහනය කර තිබේ . ලංකා කම්කරු කොංග‍්‍රසය පොදු ජන පෙරමුණ සමඟ එකට එක්වී එම ආයතන වල බලය පිහිටුවන බව සි.බි රත්නායක මහතා පවසයි.

සි.බි රත්නායක මහතා මේ බව පැවසුවේ නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතන ජයග‍්‍රහනයෙන් පසු ලංකා කම්කරු කොංග‍්‍රසයේ මහා ලේකම් ආරුමුගම් තොන්ඩමන් මහතා සමඟ අද (11) හැටන් නගරයේ පැවති උත්සවයකට සහභාගි වෙමිණි.

වසර දහතුනකට පසු තමන්ට ලද මෙම අති විශිෂ්ඨ ජයග‍්‍රහනයත් සමඟ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමඟ සන්ධාන ගත වී නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන 11ටම උපරිම සේවාවක් සිදුකරන බව ලංකා කම්කරු කොංග‍්‍රසයේ මහා ලේකම් අරුමුගන් තොන්ඩමන් මහතා එහිදි ප්‍රකාශ කළේය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක