Menu

‘කණගාටුයි මම කියපු දෙයින් දේශපාලන වාසි ගත්තාට’..තමන් අවභාවිත කලාට සංගක්කාරගෙන් එජාපයට පුල් පහරක්..

February 9, 2018

ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර සංගක්කාර පසුගියදා තම ට්විටර් ගිණුමේ තබා තිබු සටහනක් දේශපාලන වාසි ගැනීම සඳහා කිසිවකු හෝ යොදා ගනු ලබන බවට සංගා විශ්වාස කිරීම නිසා ඔහු නැවත තම ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙන්නේ තමන් කියපු දෙය දේශපාලන වාසි ලබා ගැනීම සඳහා යොදා නොගන්නා ලෙසය.

සංගා හිටපු ඇමරිකා ජනාධිපති වරයකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් පවසා තිබුනේ ” ඔබ ලංකාවේ කොහේ ජීවත් වුනත් ලබන 10වෙනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී මතක තබා ගත යුතු කරුණක් තිබෙනවා. නරක පුද්ගලයින් තෝරාපත් නොකිරීමට වගබලා ගන්න. හොද පුද්ගලයින් විසින් නරක පුද්ගලයින් තේරීමෙන් වලකින්න.”යනුවෙන් ප්‍රකාශයකි.

මෙම ප්‍රකාශය තුල තම චන්දය භාවිතා කරන්න යන්න දිරිමත් වන නිසා,සංගාගේ මෙම ප්‍රකාශය තම මනාපය භාවිතා කල යුතුය යන මතය දැරූ කණ්ඩායම තම වාසියට යොදා ගනිද්දී “මැතිවරණයේ චන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටින්න “ලෙස මතයක් ඉදිරිපත් කරන කොටසකගේ විවේචනයට සංගාගේ මේ ප්‍රකාශය ලක්වී තිබිණි.

මෙම තත්වය තුල සංගා නැවත පවසා ඇත්තේ තමා කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොමැති බවත් තමා දේශපාලන පක්ෂයකට සහාය දක්වන බවට වාර්තා වෙන පුවත් අසත්‍ය බවත්ය.

“කනගාටුයි මම කියපු දේ දේශපාලනයට සම්බන්ද කර ගෙන දේශපාලන වාසි ගන්න යොදා ගන්න එක ගැන,මම දේශපාලන පක්ෂයකට කිසි සම්බන්දයක් නෑ.මට එතන දේශපාලන පක්ෂයකට උදව් කරන අදහසක් තිබුනේ නෑ.මම ඒ සටහන තියන අරමුණ තමයි පක්ෂයක් මුල්කර ගන්නේ නැතුව රට ගැන හිතන්න කියන එක පෙන්වන එක.”

කුමාර සංගක්කාර එක්සත් ජාතික පක්‍ෂයට එක් වූයේ යයි එම පක්‍ෂයට හිතවත් වෙබ් අඩවි හා සමා ජාලා ඔස්සේ ප‍්‍රචාරය කරනු ලැබුවේ සංගක්කාරගේ පින්තූරයක්ද සමගිනි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක