Menu

පාකිස්තානයේ වසීම් අක‍්‍රම්ට සිදුවූ දෙයම ලසිත් මාලිංගටත් වෙයි..

February 9, 2018

ශ්‍රී ලංකා කණ්ඩායම බිහිකළ සුපිරි වේගපන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය සමුදෙන බවට විදෙස් මාද්‍යයක් වෙත පවසා ඇත.මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තවත් ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන් සිටි අතර නමුත් එළඹෙන බංගලාදේශ T20 තරඟාවලිය සඳහා නම් කල සන්චිතයටද මාලිංග ඇතුලත් වී නොතිබුන අතර එළඹෙන නිදහස් කුසලාන තරඟාවලියට ක්‍රීඩා කරන්නට නම් දේශීය තරඟවල මාලිංග දක්ෂතා දැක්විය යුතු බවට තීරණය වීමත් සමඟ මාලිංග මෙම තීරණය ගන්නට ඇත.

“මම හිතන්නේ මම ජාත්‍යන්තර තරඟවලට ක්‍රීඩා කරලා ඉවරයි.මට හිතෙනවා මට තව අවස්ථාවක් ලංකාවේ කණ්ඩායම නියෝජනය කරන්න ලැබෙන්නේ නෑ කියල.දැන් මම මගේ මනස හදාගෙන යන්නේ සමුගැනීම ප්‍රකාශයට පත් කරන්න.”

“මම අපේ ක්‍රිකට් පාලක මණ්ඩලය එක්ක නම් කිසිම දෙයක් තවම කථා කලේ නෑ,දේශීය පිටියට ගිහින් ක්‍රීඩා කරන්න මම සුදානම්ද කියල තවම හිතල නෑ,කොහොම වුනත් මගේ ක්‍රීඩකයෙක් විදියට තිබුන IPL ජීවිතය අවසන් වුනා,දැන් IPL අලුත් පරිච්චේදයක් පටන් අරගෙන තියෙන්නේ.මම නැවත ක්‍රීඩකයෙක් විදියට සෙල්ලම් කරන්න යන්නේ නෑ.මේක මට විතරක් වුන දෙයක් නෙවෙයි ලෝකයේ බිහිවුන ශේෂ්ට වේගපන්දු යවන්නෙක් වුන වසීම් අක්‍රම්ටත් අවසානයේ වුනේ මේ දේ තමයි.”

මුම්බායි කණ්ඩායමේ අලුතෙන් ලැබුන වගකීම ගැනද මාලිංග කතා කරන්නේ ඉතා සුබවාදීවය.”මුම්බායි කණ්ඩායමේ ලැබුන අවස්තාව ගැන මට පුදුමයක් නෑ.මම මුම්බායි වෙනුවෙන් ගොඩක් ජයග්‍රහණ අරගෙන දීල තියනවා,එයාල මාත් එක්ක කතා කරලා ඉස්සරහ අවරුදු වල තියන සැලසුම් ගැන කතා කළා.එයාලගේ සැලසුම් එක්ක මට ක්‍රීඩකයෙක් විදියට කණ්ඩායම එක්ක ඉන්න අවස්තාව ලැබුනේ නැතත්.මට උපදේශකයෙක් විදියට ලොකු දෙයක් කරන්න පුළුවන් කියල හිතෙනවා.”

මාලිංග තමන්ගේ අලුත් තනතුර ගැන සිටින්නේද මහත් අභිමානයෙනි.”මට දැන් අවරුදු 34ක් මට හිතෙන්නේ මේ වයස තමයි ක්‍රිකට් ජීවිතේ වෙනසක් වෙන්න ඕන හොඳම කාලය කියල මම හිතන්නේ,ක්‍රීඩකයෙක් විදියට මම කරපු වෙනස් දේ මට පුහුණු කරුවෙක් විදියටත් කරන්න පුළුවන් වෙයි කියල මම හිතනවා.”

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක