Menu

මාලිංග ප‍්‍රහාරයකට ලක්වෙද්දී මහේල හා ඩිල්ෂාන් පිත්තෙන් අසමත් වෙයි..

February 8, 2018

Palace Diamonds කණ්ඩායම හා Royals කණ්ඩායම අතර ස්විස්ටර්ලන්තයේ පැවැත්වෙන තරග දෙකකින් යුත් අයිස් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 06ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට Royals කණ්ඩායම සමත්විය.

ජයග‍්‍රහණය සදහා ලකුණු 165ක ඉලක්කයක් හඹා ගිය Royals පිළ පන්දුවාර 15.2කදී කඩුලු 04ක් පමණක් දැවී තිබියදී ජයග‍්‍රහණය තහවුරු කර ගත්හ.

එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ඔවිශ් ෂා පන්දු 34කදී හයේ පහර 07ක් හා හතරේ පහර 05ක් සමගින් නොදැවි ලකුණු 74ක් රැස් කරගනිමින් සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.

ජැක් කලිස් හයේ පහර 02ක් හා හතරේ පහර 04ක් සමගින් ලකුණු 36ක් රැස්කළේය.

පන්දු යැවීමේදී Ramesh Powar ලකුණු 24කට කඩුලු 02ක් දවා ගත් අතර ලසිත් මාලිංග ලකුණු 39කට එක් කඩුල්ලක් දවා ගත්තේය.

කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් Palace Diamonds කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09කට ලකුණු 164ක් ලබා ගත්හ.

එහිදී නායක විරෙන්ද‍්‍ර ශෙවාග් හයේ පහර 05ක් හා හතරේ පහර 04ක් සමගින් පන්දු 31කදී වේගවත් ලකුණු 62ක් රැස් කරද්දී ඇන්ඩ‍්‍ර සයිමන්ස් එක් හයේ පහරක් හා හතරේ පහර 03ක් සමගින් ලකුණු 40ක් රැස් කළේය.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක‍්‍රිඩක මහේල ජයවර්ධන හා තිලකරත්න ඩිල්ෂාන් ක‍්‍රිඩා කළ අතර ඔවුන් දෙදෙනාට ලබාගත් හැකි වුයේ පිළිවෙළින් ලකුණු 7ක් හා 8ක් පමණි.

පන්දු යැවීමේදී අබ්දුල් රසාක් ලකුණු 18කට කඩුලු 04ක් දවා ගැනීමට සමත් වූ අතර ෂහීබ් අක්තාර් කඩුලු 02ක් දවා ගත්හ.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක