Menu

ජනපති මෛත‍්‍රීට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ..

February 8, 2018

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය හෙට (09දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසමට පැමිණිලි කිරීමට තීරණය කර තිබේ.

මහ බැංකු බැඳුම්කර සිදුවීමට අදාළව ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන පුද්ගලයෙකු මහ බැංකු අධිපති තනතුරට පත්කිරීම පිළිබඳව හා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා  ලෙස එම අමාත්‍යාංශවල සිදුවන වංචා හා දූෂණ සම්බන්ධයෙන් ද ඔවුන් විසින් ජනපතිවරයාට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට තීරණ කර ඇත.

මහවැලි සංවර්ධන හා පරිසර ආමාත්‍යාංශවලට අදාළව එහි නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාට හා මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති හා මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙකුට  එරෙහිව මෙහිදී පැමිණිලි ඉදිරිපත් කිරීමට නියමිතය

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක