Menu

කුසල් මෙන්ඩිස් ගෙන් හුදකලා සටනක්..ශ‍්‍රී ලංකාව අසීරු අඩියක(UPDATE)

February 8, 2018

ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේ දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක‍්‍රීඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04ක් දැවි ලකුණු 105ක් ලබා සිටියි.

විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් සිටින කුසල් මෙන්ඩිස් සිය පස්වැනි ටෙස්ට අර්ධ ශතකය හිමිකරගනිමින් එක් හයේ පහරක් හා හතරේ පහර 09ක් සමගින් නොදැවී ලකුණු 64ක්ද රොෂෙන් සිල්වා නොදැවී ලකුණු 5ක්ද ලබා කඩුල්ලේ රැදී සිටිති.

ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට අද තරගයේදී ද ලකුණු අතරට පිවිසීමට බංගලාදේශ පන්දු යවන්නන්ගෙන් ඉඩ නොලැබුණු අතර ලකුණු 03ක් ලබා සිටියදී අබ්දුල් රසාක්ගේ පන්දුවකට ස්ටම්ප් කිරිමකට හසුව දැවී ගියේය.

පළමු තරගයේ විශිෂ්ට ඉනිමක් ක‍්‍රිඩා කළ ධනංජයද සිල්වාට අද දිනයේ ලබාගත හැකි වුයේ ලකුණු 19ක් පමනි.තයිජූල් ඉස්ලාම් එවු පන්දුවකට සම්බීර් රෙහමාන් අතට උඩපන්දුවක් ලබා දෙමින් ධනංජය දැවී යන විට එක් හයේ පහරක් හා හතරේ පහර 02ක් සිය ඉනිමට එක් කොට තිබුනි.

අනතුරුව දිවා අහාරයට පන්දුවාර කිහිපයක් තිබියදී ක‍්‍රියාත්මක වුණු අබ්දුල් රසාක් ලකුණු 13ක් ලබා සිටි ධනුෂ්ක ගුණතිලක හා නායක දිනේෂ් චන්දිමාල් දවා ගනිමින් පළමු භාගයේ ශ‍්‍රී ලංකා කණ්ඩායම දැඩි අසරණ තත්වයක පත් කළේය.චන්දිමාල් තමා මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙනි

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් 2 ක් සමගින් මෙම තරගයට සහභාගි වන අතර එහිදී ලක්ෂාන් සඳකැන් සහ ළහිරු කුමාර වෙනුවෙට ධනුෂ්ක ගුණතිලක සහ අකිල ධනංජය කණ්ඩායමට එක්ව සිටිති.

මෙය අකිල ධනංජයගේ මංගල ටෙස්ට් තරගය වන අතර මේ දක්වා එක්දින තරග 19 කට සහ විස්සයි20 තරග 9 කට සහභාගි වී ඇති ඔහු, එහිදී පිළිවෙලින් කඩුලු 21 ක් සහ 7 ක් බැගින් දවාගෙන තිබේ.

 

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක