Menu

බංගලියන්ට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ‘මාලිංග’ගේ සහභාගීත්ව ගැන තීන්දුවක් දෙයි

February 6, 2018

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග හට එළැඹෙන බංගලාදේශ විස්සයි විස්ස තරගාවලියද අහිමි වන බවට වාර්තා වනවා.

අවුරුදු දෙකකට ආසන්න කාලයක් අබාධයකින් පෙලුණු ලසිත් මාලිංග පසුගිය වසරේ ජුනි මාසයේ පැවැති චැමිපියන්ස් ලීග් තරගාවලියට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග එක්විය.

අබාධයෙන් පසු මාලිංග එක්දින තරග 13කට ක‍්‍රීඩා කර ඇති අතර එහිදී කඩුලු 10ක් දවා ගැනීමට සමත් විය.ඉන්දියානු කණ්ඩායමේ ශ‍්‍රී ලංකා සංචාරය මාලිංග ක‍්‍රීඩා කළ අවසන් තරගාවලිය වන අතර අනතුරුව පැවැති ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු සංචාරයෙන් මාලිිංග ඉවත් කෙරුණි.

අබාධයෙන් පසුව මාලිංග විස්සයි විස්ස තරග හයකට සහභාගී වී ඇති අතර එහිදි කඩුලු 12ක් බිද හෙළිමට සමත් ව ඇත.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන තේරීම් කමිටු සභාපති ග‍්‍රැහැම් ලැබ්රෝයි මහතා පවසා සිටින්නේ නිදහස් කුසලානය තරගාවලිය සදහා ක‍්‍රීඩකයින් තෝරා ගැනීමට දේශීය තරග ක‍්‍රීඩා කළ යුතු බවයි

‘ඔහු දේශිය තරගවලට ක‍්‍රීඩා කරනවනම් අපිට ඔහුව සලකා බලන්න පුලුවන්.අපි ලසිත්ට විතරක් නෙමෙයි.සියලුම ක‍්‍රීඩකයින්ට දැනුම් දීල තියෙන්නේ.මම දන්නවා පළමු පෙළ තරගාවලියයෙන් විස්සයි විස්ස සදහා ක‍්‍රීඩකයින්ව තෝරගන්න එක පරිපූර්ණ නෑ.ඒත් ඒක තමයි විදිය.ඒක නිසා දේශීය තරග ක‍්‍රීඩා කළ යුතුයි.’

කෙසේ වෙතත් මාලිංග අවසන් වරට එන්.සී.සී ක‍්‍රීඩා සමාජය නියෝජනය කරමින් මීට මාසයක පෙර දේශීය තරග සදහා සහභාගී වූ අතර එහිදි මාලිංග යවන ලැබුවේ පන්දුවාර 10ක් පමණි.ටැමිල් යූනියන් කණ්ඩායමට එරෙහිව පැවැති එම තරගය කඩුලු 10කින් ජයගැනීමට එන්.සී.සී කණ්ඩායම සමත්විය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක