Menu

අප‍්‍රිකාව තවත් අසරණ වෙයි..තවත් ප‍්‍රබල ක‍්‍රීඩකයෙක්ට එක්දින තරගාවලිය අහිමි වෙයි

February 5, 2018

දකුණු අප‍්‍රිකානු කණ්ඩායමේ කඩුලු රකින ක‍්‍රීඩක ක්වින්ටන් ඩී කොක් හට ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින තරගාවලිය හා විස්සයි විස්ස තරගාවලිය අහිමි වන බවට වාර්තා වනවා.

ඊයේ පැවැති දෙවැනි එක්දින තරගය අතරතුරදී ඇතිවූ අබාධ තත්වයක් හේතුවෙන් ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවී ඇති අතර අබාධ තත්වය සුව වීමට සදහා සති 02ත් 04ත් අතර කාලයක් ගතවන බවට වාර්තා වෙයි.

ඉන්දියාව සමග ඊයේ පැවැති තරගයේ බූම්රා එවු පන්දුවක් වැදීමෙන් මෙම අබාධ තත්වය ඇති වී ඇති අතර නිමාවට පත්වු තරග දෙකෙහි ඩී කොක් රැුස්කරගත්තේ ලකුණු 34ක් හා 20ක් පමණි

දකුණු අප‍්‍රිකානු තේරීම් කමිටුව අබාධයට ලක්වූ ඩී කොක් වෙනුවට මෙතෙක් එක්දින වරම් ලබා නොමැති කඩුලු රකින ක‍්‍රීඩක Heinrich Klaasen සංචිතයට නම් කිරීමට සූදානම් වන බව වාර්තා වන අතර ඔහු පළමු පෙළ තරග 42කදී ලකුණු 1167ක් රැස් කරගෙන ඇත.

අප‍්‍රිකානු කණ්ඩායමේ ප‍්‍රබලතම පිතිකරු වන ඒ.බී.ද විලියර්ස් එක්දින තරගාවලියට ප‍්‍රථම අබාධ තත්වයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වූ අතර නිත්‍ය නාක ඩුප්ලේසිස්ද පළමු තරගයෙන් අනතුරුව අබාධයක් හේතුවෙන් එක්දින තරගාවලියෙන් ඉවත්විය

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක