Menu

දික්කසාද වූ ​බව කියන පුවතට ‘මහේල’ පළමු වරට උත්තර දෙයි – රසිකයින්ගෙන් උණුසුම් ප්‍රතිචාර (PHOTO)

February 5, 2018

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සිය බිරිදගෙන් දික්කසාද වන බවට පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබූ අතර ඒ පිළිබදව ඔහුගේ ඇතැම් සමීපතමයින්ද තහවුරු කළ බවට එම මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණි

කෙසේ වෙතත් සමාජජාලා මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම ඒ පිළිබදව වාර්තා වූ අතර ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක් වූ මහේල පළමුවරට ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඉන්ස්ටග්‍රෑම් හරහා සිය බිරිඳ වන ක්‍රිස්ටිනා සිරිසේන සහ සිය දියණිය සමඟ ලන්ඩන් නුවරට සංචාරය කළ ඡායාරූපයක් ප්‍රසිද්ධ කර ඇත්තේ මහේලගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහායි.

එම ඡායාරූපයට ප්‍රතිචාර දක්වමින් ඔහුගේ රසිකයින් උණුසුම් ප්‍රතිචාර දක්වමින් ඉල්ලා ඇත්තේ සිය පවුල සමඟින් සතුටින් සිටන ලෙසයි.

කෙසේ වෙතත් මීට පෙර මහේල ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ බිරිඳගේ නම එකතු කර සඳහන්ව තිබුණත් දැන් සඳහන් වන්නේ Mahela27 ලෙසයි.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක