Menu

රැකියාදෙන පොරොන්දුව මත මුදල් වංචාකල එජාපයේ මන්ත‍්‍රී අත්අඩංගුවට!

February 5, 2018

රැකියා ලබාදෙන බවට පොරොන්දු වී පුද්ගලයන් දෙදෙනෙ‍කුගෙන් රුපියල් 23,000ක මුදලක් වංචා කළ බවට ‍චෝදනා ලැබූ ඌව පළාත් සභා මන්ත්‍රී ඒ. ගනේෂ මූර්ති මහතා පස්සර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අද (05දා) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරයෙකු ලෙස ඌව පළාත් සභාවට තේරී පත් වූ ඔහු පසුගියදා ලංකා කම්කරු කොංග්‍රසයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයට එක්විය.

රැකියා ලබාදෙන බවට පොරොන්දු වී තවත් පුද්ගලයන් දෙදෙනෙකුගේ මුදල් වංචා කිරිමේ පැමිණිලි 02ක් බදුල්ල පොලීසියට  ලැබී තිබිණි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක