Menu

ඌවේ මහඇමති චාමර භික්ෂුවකට බැන තර්ජනය කර එළවා දමයි(VIDEO)

February 5, 2018

ගුරුවරියක දණ ගැස්වූ බවට චෝදනා එල්ල වී සිටින ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක හිමි නමකට බැන තර්ජනය අරන ආකාරය ඇතුළත් වීඩියෝවක් සමාජ ජාලා මාධ්‍ය හරහා සංසරණය වෙමින් තිබේ.

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය මීට මාස 3කට පෙර බදුල්ලේ හී විරෝධතාවක නිරත වී තිබෙනවා. එහිදී එම සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඥාණානන්ද හිමියන් ඇතුළු පිරිසකට සාකච්ඡාවක් සඳහා පළාත් සභා ශ්‍රවණාගාරයට පැමිණෙන ලෙස ප්‍රධාන අමාත්‍යවරයා ආරාධනා කර තිබුණා.

එසේ පැමිණි පූජ්‍ය තැන්නේ ඥාණානන්ද හිමියන්ට ප්‍රධාන අමාත්‍යවරයා බැන වැදී එළියට තල්ලු කරන අයුරු එහි සිටි අයෙකු සිය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණා.

සිද්ධියට මුහුණදුන් රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඥාණානන්ද හිමියන් සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළා.

“ඌවේ මහ ඇමතිවරයාට පහරදෙන වීඩියෝව, එය සත්‍ය වීඩියෝවක්. හැබැයි ඔය සිදුවීම මීට මාස දෙක තුනකට එහා පැත්තේ. අපි උපාධිධාරීන් සමඟ සාකච්ඡාවට යන වෙලාවේ, ඒ සාකච්ඡාවට ගිහිල්ලා ඇතුළට යද්දී බැනවැදීමක් කරලා තල්ලු කරලා පොලීසියත් එතන හිටියා, ඌවේ මහ ඇමතිවරයාගේ ලේකම්වරයත් එතන හිටියා. උපාධිධාරී පිරිසත් එක්ක ඉද්දී තමයි අපිට බැන වැදිල තර්ජනය කරලා තල්ලු කරලා, එතනින් ඉවත් කළා. වුණු මොහොතෙම අපි එතන හිටපු ප්‍රාදේශිය මාධ්‍යවේදීන් දැනුවත් කළා. ඇහුවේ කෙළින්ම අපෙන් හාමුදුරුවනේ වීඩියෝ එක තියෙනවද කියලා. ඉතින් අපි කැමරා අරගෙන නෙවෙයි මහ ඇමති හම්බෙන්න යන්නේ, ඉතින් ඒ නිසා වීඩියෝ නැති නිසා ඒ මොහොතේ ඒ තත්ත්වය යටපත් වුණා. ඒ මොහොතේ ඒ තිබුණ වීඩියෝව හරි මාධ්‍යවේදීන්ගේ හරි උදව් හම්බුණා නම් අපිට මෙහෙම විදුහල්පතිනියකට දණ ගහන්න වෙන්නෙත් නෑ”

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක