Menu

බැදුම්කර වංචාවට අත්අඩංගුවට ගත් සැකකරුවන්ට අධිකරණය අද දුන් තීන්දුව මෙන්න

February 5, 2018

මතභේදාත්මක බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන යන සැකකරුවන් නැවතත් එළැඹෙන 16 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මතභේදාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන යන සැකකරුවන් අද (05දා) නැවතත් අධිකරණයට ඉදිරිපත් කළේය.

ඊයේ (04දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරිමෙන් පසුව අද (05දා) දක්වා රක්ෂිත බන්ධනාගර ගත කෙරිණි.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක