Menu

‘අර්ජුන්ව අත්අඩංගුවට ගැනීම දේශපාලන සංදර්ශනයක්’..එජාපයේ ප‍්‍රබලයෙක් කියන කතාව…

February 5, 2018

වසරකට අධික කාලයක් ගත වීමෙන් පසුව, පර්පචුවල් ට්‍රේෂරිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා අත්අඩංගුවට ගැනීම තවත් දේශපාලන සංදර්ශනයක් යැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්ය මහ ලේකම් අධ්යාපන අමාත්ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (04) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමීන් සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා මහා බැංකු බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධියට අදාළව පර්පචුවල් ට්‍රේෂරීස් සමාගමේ ගිණුම් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නියෝග මත අත්හිටුවා වසරකට අධික කාලයක් ගත වුවද සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට ගැනීමට කිසිදු පියවරක් නොගැණුනු බව අමත්‍යවරයා මෙහිදි පෙන්වා දුන්නේය.

එ අනුව පර්පචුවල් ට්‍රේෂරිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලේසියස් අත්අඩංගුවට ගැනීමට හැකි පසුබිම සකස් කර තිබුණද, වසරකට වැඩි කාලයක් ඔහු අත්අඩංගුවට නොගෙන සිටමේ අවස්ථාවේ ඒ පියවර ගත්තේ ලබන සෙනසුරාදා (10) පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය අරමුණු කරගෙන දැයි සැක මතුවන බවද හෙතෙම මෙහිදි ප්‍රකාශ කළේය.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක