Menu

ශ‍්‍රී ලංකා පිළ යළි තරගයට අවතීර්ණ වෙයි(UPDATE)

February 4, 2018

ශ‍්‍රී ලංකා කන්ඩායම හා බංගලාදේශ කණ්ඩායම අතර චිතගොන්හි සහූර් අහමඩ් චෞද්රි කී‍්‍රඩාගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනයේ තේ පානය සදහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක‍්‍රීඩා කරන බංගලාදේශ කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 281ක් ලබා සිටියේය.ශ්‍රී ලංකාව පළමු ඉනිමේදි රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 200 ක් පසුපසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ බංග්ලාදේශය මේ වන විට ලකුණු 81ක් ඉදිරියෙන් සිටියි.

නායක මහමදුල්ලා ලකුණු 12ක් හා  මොසදික් හුසේන් ලකුණු නොලබා නොදැවී කඩුල්ලේ රැදී සිටිති.

බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් යළිත් වරක් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ මොමිනුල් හක් බංග්ලාදේශය වෙනුවෙන් එකම ටෙස්ට් තරගයක ඉනිම දෙකේදීම ශතක ලබාගත් පළමු පිතිකරුවා බවට පත්වෙමින් හයේ පහර 02ක් හා හතරේ පහර 05ක් සමගින් ලකුණු 105ක් රැස් කළේය.

ලිටන් දාස් සමග එක්වෙමින් සිව්වැනි කඩුල්ල සදහා විශිෂ්ට ලකුණු 180ක සම්බන්ධතාවක් පැවැත්වීමට ද මොමිනුල් සමත් වූ අතර එය බංගලාදේශ කණ්ඩායමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැත්වූ හොදම සම්බන්ධතාවය ලෙස වාර්තා විය.

ධනංජය සිල්වා එවු පන්දුවකට ස්ලීප්හි පන්දු රකිමින් සිටි දිමුත් අතට උඩපන්දුවක් ලබාදෙමින් මොමිනුල් දැවී ගියේය.අනතුරුව විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් සිටි ලිතන් ඩාස් සිය මංගල ශතකයට ලකුණු 06ක් මෑතින් සිටියදී රංගන එවු පන්දුවකට දිල්රුවන් රැකගත් විශිෂ්ට උඩපන්දුව හේතුවෙන් දැවී ගියේය.

ඊයේ (3 වැනිදා) තරගය නතර කරනවිට ලකුණු 81 කට කඩුලු 3 ක් අහිමිකරගෙන සිටි බංග්ලාදේශය අද දිවා ආහාරය සදහා තරගය නතර කරනවිට පළමු භාගය සදහා කිසිවකු නොදැවී ලකුණු 106 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.

තරගය ආරම්භයේදී සිවුවැනි සහ අවසන් දිනයන්හි තණතීරුව දඟපන්දු යවන්නන් සදහා යෝග්‍ය වනු ඇතැයි පැවසුවද දඟ පන්දු යවන්නන් සදහා තණතීරුව සහයෝගයක් දක්වන ආකාරයක් මේ වනතෙන් දැක ගැනීමට නොහැකිවිය.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක