Menu

මොමිනුල් ගෙන් වාර්තාවක්..බංගලාදේශය සාර්ථක ගමනක..

February 4, 2018

ශ‍්‍රී ලංකා කන්ඩායම හා බංගලාදේශ කණ්ඩායම අතර චිතගොන්හි සහූර් අහමඩ් චෞද්රි කී‍්‍රඩාගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනයේ දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක‍්‍රීඩා කරන බංගලාදේශ කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 187ක් ලබා සිටියේය.ඒ අනූව බංගලාදේශ කණ්ඩායම ශ‍්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 13ක් පිටුපසින් සිටියි

බංග්ලාදේශය වෙනුවෙන් එක් ටෙස්ට් තරගයකදී වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත්වෙමින් මොමිනුල් හක් ලකුණු 70ක් ද ලිටන් දාස් ලකුණු 47ක් ලබා නොදැවී කඩුල්ලේ රැුදී සිටියි.

සිව්වැනි දිනට ඊයේ තරගය නතර කරන විට බංගලාදේශ කණ්ඩායම කඩුලු 03කට ලකුනු 81ක් ලබා සිටි අතර ඔවුන් අද පළමු භාගයේ තවත් ලකුණු 106ක් රැුස්කරගැනීමට සමත්විය.මොමිනුල් සමග එක්වූ නවක පිතිකරු ලිටන් දාස් සිව්වැනි කඩුල්ල සදහා නොදැවුණු ලකුණු 106ක සම්බන්ධතාවක් පවත්වමින් අසරණව සිටි බංගලාදේශ ඉනිමට ජීවයක් එක් කිරීමට සමත් විය

 

බංග්ලාදේශ දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලකුණු පුවරුවට ලකුණු 52ක් එක්ව තිබිය දී ඉම්රුල් කයිස් දවා ගැනීමට දිල්රුවන් පෙරේරා සමත් විය. අනතුරුව පන්දු 62ක දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 41ක් ලබා සිටි අනෙක් ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවකට නිරෝෂන් දික්වැල්ල අතට උඩ පන්දුවෙන් ලබා දෙමින් ලකුණු පුවරුව 76 දී දැවී ගියේය.

රංගන හේරත් විසින් යැවුණ දිනයේ අවසන් පන්දු වාරයේ පස්වැනි පන්දුවේ දී මුශ්ෆිකර් රහීම්ගේ ඉනිම ද අවසන් වූයේ කුසල් මෙන්ඩිස්ගේ අගනා උඩ පන්දු රැකීමකිනි.

බංග්ලාදේශය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 513 (129.5) තමිම් ඉක්බාල් 52, ඉම්රුල් කයිස් 40, මොමිනුල් හක් 176, මුශ්ෆිකර් රහීම් 92, මහමදුල්ලා නොදැවී 83, මෙහෙදි හසන් 20, සුන්සාමුල් ඉස්ලාම් 24, සුරංග ලක්මාල් 3/68, රංගන හේරත් 3/150, ලක්ෂාන් සඳකැන් 2/92

ශ්‍රී ලංකාව; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 713 (199.3) කුසල් මෙන්ඩිස් 196, ධනංජය ද සිල්වා 173, රොෂේන් සිල්වා 109, දිනේෂ් චන්දිමාල් 87, නිරෝෂණ දික්වැල්ල 62, දිල්රුවන් පෙරේරා 32, මෙහෙදි හසන් 3/174, ටයිජුල් ඉස්ලාම් 4/219

බංග්ලාදේශය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 187 (55) තමීම් ඉක්බාල් 41, ඉම්රුල් කයිස් 19, මොමිනුල් හක් නොදැවී 70, ලිතන් දාස් නොදැවී 47

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක