Menu

ආණ්ඩුවේ ඇමති පාන්දරම වෙරි වී සියල්ලන්ටම අමතයි.ආරක්ෂකයින් බලහත්කාරයෙන් නිවසට ගෙනගොස් දමයි..

May 10, 2017

ඊයේ රාත‍්‍රියේ අගනුවර සුප‍්‍රසිද්ද තරු හෝටලයකදී අධික ලෙස මත් පැන් පානය කල ආණ්ඩුවේ ඇමතිවරයෙක් අද වෙසක් පෝදා උදා වෙද්දී ඔහුගේ පුද්ගලික ආරක්‍ෂකයින් නිවසට ඇරලවා තිබේ.
මත්පැන් මාත‍්‍රාව ඉක්මවා පානය කිරීමෙන් උන්හිටි තැන් නැති වූ මෙම ඇමතිවරයා ආණ්ඩුවේ, විපක්‍ෂයේ ප‍්‍රධානීන්ට මෙන්ම පවුලේ නෑ හිතවතුන්දටද අමු කුණුහරුපයෙන් බනිමින් සිටියදී මෙසේ ආරක්‍ෂකයින් විසින් බලහත්කාරයෙන් වාහනයට පටාවගෙන නිවසට ගෙන ගොස් ඇත.
අදට යෙදී ඇති වෙසක් පුර පසලොස්වක පෝදා දිනයේ පාන්දරම බීමතින් සිටි මෙම ඇමතිවරයා පෝදා වැඩසටහන් ගණනාවකට යාමට යොදාගෙන ඇති අතර එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම වෙනුවෙන්ද සහභාගී වීමට නියමිතව ඇත.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක