Menu

කුසල් මෙන්ඩිස්ගෙන් ලද වාසනාවෙන් බංගලාදේශය සාර්ථක ගමනක(UPDATE)

January 19, 2018

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර බංග්ලාදේශයේ ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන කොන් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේදී කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකාව එරෙහිව පළමුවෙන් පන්දුවට පහරදෙන බංග්ලාදේශය ඕවර 20ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුනු 107ක් ලබා සිටියේය.

ඕවර 20 නිමා වන විට ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 48ක්ද, සකිබ් අල් හසන් එක් හතරේ පහරක් සමගින් සමගින් නොදැවී ලකුණු 16 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.

තිසර පෙරේරා එවු පන්දුවකට නිරෝෂන් දික්වැල්ල රැකගත් විශිෂ්ට උඩපන්දුව හේතුවෙන් පළමු පන්දුවාරයේදී වාසනාව ලද අනමුල් හක් ලකුනු 35කට දැවී ගිය අතර පන්දු 37කදී එක් හයේ පහරක් හා හතරේ පහර 03ක් ඔහු සිය ඉනිමට එක්කොට තිබුණි.

සුරංග ලක්මාල් යැවූ පළමු ඕවරයේ තෙවැනි පන්දුවේදී ලකුණු 2 ක් ලබා සිටි එනමුල් හක් ලබාදුන් උඩ පන්දුවක් ස්ලිප්හි පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස් අතින් ගිළිහී ගියේය.

පාදයේ ආබාධක් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගයට ක්‍රීඩා නොකරන අතර දිනේෂ් චන්දිමාල් විසින් කණ්ඩායම මෙහෙයවනු ලබයි.

මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර තිබේ. එහිදී මැතිවුස්ගේ ස්ථානය සඳහා නිරෝෂන් දික්වැල්ල කැඳවා සිටින අතර මෙම තරගයේදී ඔහු කඩුලු රැකීමේ කාර්යයේද යෙදෙනු ඇත. පළමු තරගයට ක්‍රීඩා කළ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර වෙනුවට නුවන් ප්‍රදීප් කණ්ඩායමට කැඳවා සිටියි.

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක