Menu

පාකිස්තානුවෝ ශ‍්‍රී ලංකා යොවුන් පිළ ‘ලෝක කුසලාන’යෙන් ඉවතට විසිකරති..

January 19, 2018

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගවලියේ පාකිස්තානු කන්ඩායම සමග පැවැති තරගය කඩුලු 03කින් පරාජයට පත්වීමට ශ‍්‍රි ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට සිදුවිය.

පාකිස්තානු කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.2ක් තුළදී සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 188ක් පමණි.

ඇෆ්ගනිස්තානය සමග පැවැති තරගයේ වැඩිම ලකුණු ලාභියා වු ජෙහාන් ඩැනියෙන් මෙම තරගයේදී වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 53ක් රැුස් කළ අතර අශෙන් බණ්ඩාර දෙවැනි වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 37ක් රැුස් කළේය.

අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසුකිරීමට නොදුන් පාකිස්තානු ප‍්‍රබල පන්දුයවන්නන් ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම නවසිලන්ත භූමියේදී අසරණ කර දැමුවේය.

එහිදි විශිෂ්ට පන්දු යැවීමට නිරත වු සුලෙයිමන් ලකුණු 29කට කඩුලු 03ක් ද ශහීන් ෂා අෆ්රීඩි ලකුණු 41කට කඩුලු 02ක් බිද දැමුවේය.

අනතුරුව ජයග‍්‍රහණය සදහා ලකුණු 189ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පාකිස්තානු කණ්ඩායම පන්දුවාර 43.3කදී කඩුලු 07ක් දැවී ජයග‍්‍රහණය තහවුරු කර ගත්හ.

පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් අලී ෂයාබ් අසීෆ් ජයග‍්‍රහණයේ නියමුවා වෙමින් ලකුණු 59ක් රැුස් කරගත් අතර නායක හසන් ඛාන් නොදැවී ලකුණු 24ක් රැස් කළේය.

පන්දු යැවීමේදී තිසරු රශ්මික ලකුණු 47කට කඩුලු 03ක් බිද දමමින් දස්කම් දැක්වීය.

ඒ අනුව ශ‍්‍රි ලංකා යොවුන් කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූ අතර ඔවුන් සහභාගී වු තරග තුනෙක් ජයගත හැකි වුයේ එක් තරගයක් පමණි.අයර්ලන්ත කණ්ඩායම සමග පැවැති තරගය කඩුලු 07කින් ජයගත් ශ‍්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්තානු කණ්ඩායම හමුවේ ලකුණු 32කින් පරාජයට පත්විය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක