Menu

ලංකාවේ ක‍්‍රීඩකයින්ට ආගිය අතක් නැතිවෙද්දී කෝලි විශිෂ්ටතමයා වෙයි..

January 19, 2018

ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය විසින් අවසන් වූ 2017 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියේ විශිෂ්ටතමයන් නම් කරනු ලැබූ අතර එහිදී වසරේ ක්‍රිකට්‌ ක්‍රීඩකයා බවට ඉන්දියානු නායක විරාට්‌ කෝලි තේරී පත්විය.

විරාට්‌ කෝලි මීට අමතරව වසරේ එක්‌දින ක්‍රීඩකයා වශයෙන්ද සම්මාන දිනා ගත්තේය. වසරේ ටෙස්‌ට්‌ ක්‍රීඩකයා ලෙස ඔස්‌ටේ්‍රලියානු නායක ස්‌ටීව් ස්‌මිත් නම් කෙරුණු අතර වසරේ විස්‌සයි විස්‌ස ක්‍රීඩකයා වශයෙන් ඉන්දීය දඟ පන්දු යවන යුශ්වේන්ද්‍ර චාහල් සම්මාන දිනා ගත්තේය.

වසරේ නැගී එන ක්‍රීඩකයා ලෙස පාකිස්‌තානයේ වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලී නම් කෙරුණි. 2017 අයි. සී. සී. හොඳම ක්‍රීඩක සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ කිසිදු ක්‍රීඩකයකුට සම්මාන හිමි නොවුන අතර වසරේ ටෙස්‌ට්‌ සහ එක්‌දින කණ්‌ඩායමටද මෙරටින් ක්‍රීඩකයකු ඇතුළත් නොවුණි.

වසරේ ක්‍රිකට්‌ විනිසුරු ලෙස දකුණු අප්‍රිකානු ජාතික මරේ එරයිස්‌මස්‌ සම්මාන දිනා ගත්තේය.

මීට අමතරව 2017 වසරේ ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්ද නම් කර ඇති අතර නායක කෝලිට අමතරව,බෙන් ස්ටොක්,ඩේවිඩ් වෝනර් සහ කුයින්ටීන් ඩි කොක් ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් දෙකටම ඇතුලත් වී ඇත.

කෝලි වසරේ ටෙස්ට් කණ්ඩායමට ඇතුලත් වූ පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා වන අතර මීට පෙර අවස්ථා තුනකදී ඔහු වසරේ එක්දින කණ්ඩායමට නම් කර තිබිණි.

දකුණු අප්‍රිකා ක්‍රීඩක AB ඩිවිලියස් වසර අටක් තුල වසරේ එක්දින කණ්ඩායම සඳහා සුදුසුකම් ලැබූ හත්වන අවසතාව මෙය වන අතර මෙම ඇගයීම් සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමට ප්‍රවීණ ක්‍රීඩකයන් සහ විචාරකයන් 23 දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කර තිබුන අතර මේ සඳහා ශ්‍රී ලංකාවෙන් රසල් ආර්නල්ඩ් සහ ප්‍රවීණ ක්‍රීඩා මාදයවේදියෙකු වන රෙක්ස් ක්ලේමන්ටයිඩ් ද ඇතුලත් විය.

පසුගිය වසරේ දස්කම් අතර නොසිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිම ක්‍රීඩකයෙකු මෙවර ICC සම්මානයකට යෝජනා වී නැති අතර වසරේ කණ්ඩායම් දෙකේද ශ්‍රී ලංකාවට ඉඩක් හිමිවී නැත.

වසරේ ටෙස්ට් කණ්ඩායම

ඩීන් එල්ගාර් (දකුණු අප්‍රිකාව)
ඩේවිඩ් වෝනර් (ඔස්ට්‍රේලියාව )
විරාත් කෝලි (නායක) (ඉන්දියාව )
ස්ටීවන් ස්මිත් (ඔස්ට්‍රේලියාව )
චෙටෙශ්වර් පුජාරා (ඉන්දියාව )
බෙන් ස්ටොක් (එංගලන්තය )
කුවින්ටීන් ඩි කොක් (දකුණු අප්‍රිකාව )කඩුලු රකින්නා
රවිචන්ද්‍රන් අශ්වින් (ඉන්දියාව)
මිචෙල් ස්ටක් (ඔස්ට්‍රේලියාව )
කාගීසෝ රබාඩා (දකුණු අප්‍රිකාව)
ජේම්ස් ඇන්ඩසන් (එංගලන්තය )

වසරේ එක්දින කණ්ඩායම

ඩේවිඩ් වෝනර් (ඔස්ට්‍රේලියාව )
රෝහිත් ශර්මා (ඉන්දියාව )
විරාත් කෝලි (ඉන්දියාව නායක
බාබර් අසාම් (පාකිස්ථානය )
ඒ.බී ඩිවිලියස් (දකුණු අප්‍රිකාව )
කුවෙන්ටීන් ඩි කොක්(දකුණු අප්‍රිකාව ) කඩුලු රකින්නා
බෙන් ස්ටොක් (එංගලන්තය )
ට්‍රෙන්ට් බෝල්ට් (නවසීලන්තය )
හසන් අලී (පාකිස්ථානය )
රෂීඩ් ඛාන් (ඇෆ්ගනිස්ථානය )
ජශ්පිට් බුම්රා (ඉන්දියාව )

ක්‍රීඩකයන් තේරීම සඳහා චන්දය ප්‍රකාශ කල විශේෂ ජුරිය.

Javed Hamim, Emal Parsley (both Afghanistan), Mel Jones (Australia), Athar Ali Khan, M.Farid Ahmed (Bangladesh), Lawrence Booth, Julian Guyer, Nasser Hussain (all England), Ian Callender (Ireland), Sunandan Lele, (India), Mark Geenty, Ian Smith (both New Zealand), Mazhar Arshad, Ramiz Raja (both Pakistan), Tristan Holme, Shaun Pollock (South Africa), Russel Arnold, Rex Clementine (both Sri Lanka), Mehluli Sibanda, Mpumelelo Mbangwa (all Zimbabwe), Ian Bishop, Vinode Mamchan and Barry Wilkinson (all Windies)

 

 

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක