Menu

ඉන්දියාව වියරු වැටෙයි ..හතර බීරි කතාවක් කියමින් දකුණු අප‍්‍රිකාවේදී ලද පරාජයේ වගකීම ලංකාවට පටවයි..

January 19, 2018

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගසන බවට වරක් චෝදනා කල ඉන්දීය දඟ පන්දු යවන්නෙකු මෙන්ම හිටපු ක්‍රිකට් නායකයෙකු වන බිෂන් සිං බේඩි,ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන තවත් අපුරු චෝදනාවක් ඉදිරි පත් කර ඇත.

ඔහුගේ චෝදනාව වන්නේ ඉන්දීය කණ්ඩායම දකුණු අප්‍රිකාවේදී තරඟ පරදිමින් සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පසුගිය කාලයේ වැඩියෙන් සෙල්ලම් කල නිසා බවය.

ඔහු වැඩි දුරටත් පවසා සිටින්නේ එම කාලය පුහුණුවීම් සඳහා හෝ වඩාත් තරඟකාරී දේශීය තරඟ සඳහා යොදා ගත්තේනම් දකුණු අප්‍රිකා සංචාරයට පෙර හොඳ පුහුණුවක් ඉන්දියාවට ලබාගත හැකිව තිබුන බවය.

“අපහසු තරඟාවලියක් තියෙද්දී මොන එකටද ශ්‍රී ලංකාව වගේ දුර්වල කණ්ඩායමක් වෙනුවෙන් මාස එකහමාරක කාලයක් වෙන් කලේ ,ඇත්තටම ඒ කාලය හරි අපරාධයක්,අපිට තිබුන ඒ කාලය පුහුණු වීම් වලට යොදවන්න ,එහෙමත් නැත්නම් දේශීය තරඟාවලියට ක්‍රීඩා කරලා අත්දැකීම් ගන්න තිබුන,අනිත් එක ශ්‍රී ලංකාවට ගිහින් ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත පරාද කරලා ආවට පස්සේ මොන එකකටද ආයි ලංකාවේ කණ්ඩායම ඉන්දියාවට ගෙන්න ගත්තේ.අපි ලංකාව වෙනුවෙන් අපතේ යවපු කාලය නිසා තමයි දැන් දකුණු අප්‍රිකාවේදී මෙහෙම වෙලා තියෙන්නේ.”

ශ‍්‍රී ලංකා කණ්ඩායම සාර්ථකව ඉන්දියාවේදී පරාජය කළ ඉන්දියාව දකුණු අප‍්‍රිකාවට පා තබන්නේ කිසිදු පුහුණු තරගයකට සහභාගී වීමෙන් තොරවයි.ඉතිහාසය වෙනස් කිරමේ අරමුණින්  අප‍්‍රිකාවට පැමිණෙන ඉන්දියාව මේ වන විටත් තරග තුනකින් යුත් තරගාවලිය 2-0ක් ලෙස පරාජයට පත්වී ඇත.

බිෂන් සිං බෙඩි මේ ආකාරයට වියරුවෙන් මෙන් කියවන්නේ ඉන්දීය කණ්ඩායම දකුණු අප්‍රිකාවේදී දෙවන ටෙස්ට් තරඟයත් පරාජය වීමෙන් පසුවය.

නමුත් සත්‍ය නම් ඉන්දීය කණ්ඩායම තමන්ට වාසිදායක පිතිකරුවන්ගේ තණතිලි මත පෙන්වන දක්ෂතා තණකොළ සහිත තණතිලි මත පෙන්විය නොහැකිය යන්නය.

බේඩි මේ ආකාරයෙන් ප්‍රකාශ කලද ඉන්දියා ශ්‍රී ලංකා තරඟාවලියේ වේගපන්දු යවන්නන්ගේ තණතිලි ලබා දුන් තරඟ දෙක තුල එක තරඟක ඉන්දීය පිතිකරුවන් ලකුණු 100 කටත් වඩා අඩුවෙන් දැවී ගිය බවත් ,පළමු එක්දින තරඟයේ ඉන්දියාව අසරණ වූ ආකාරයත් බේඩි ලාට අමතක වී ඔවුන් බේබිලා මෙන් හැසිරීම ගැන පුදුම විය යුතු නැත්තේ මේ මොහු මේ අකාරයෙන් හැසිරුණ පළමු අවසථාව මෙය නොවන නිසාය.

වැඩිපුරම කියැවූ පුවත්

කුසල් – දිමුත් ශ‍්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමේ ප‍්‍රබල සටනක